2011/07/25

මල් කැකුළ....

සුදු පාට සීත හිමේ......
තනිවූ  පුංචි මල් කැකුළ.....
සීතල නොදැනේද ඔයාට.....
මමත් ආසයි සීත හිම වලට.........
ආස නැති දෝ ඔයා ඒ  හට..........

කවිය ලිව්වේ - දිනිති

10 comments:

  1. ලස්සන කවියක් ලොකු දූ.
    හිමේ පිපිලා තියෙන ලස්සන මලක්

    ReplyDelete
  2. බොහොම ලස්සන නිර්මාණයක්.මල් කැකුල නම් හිම වලට අකමැති බව පෙනෙනවා.

    ReplyDelete
  3. හ්ම්ම්... එන්න එන්නම ඔයාගෙ කවි ලස්සන වෙනවනෙ නංගියෝ. දිගටම ඔහොම ලියන්න.

    ReplyDelete
  4. "පුංචි හිම කුමාරියේ..
    ඔයාගේ ඔය මිණි කිංකිණි හිනාවටයි
    මන් මේ එබි කම් කරේ..
    ඔයා මට කතා කලාද..
    සීතනම් වැඩි
    ඒත් එනවද,
    මාත් එක්ක සෙල්ලම් කරන්න..."

    පුංචි හිම කුමාරියේ පද පේලි ටික නම් හරිම අපූරුයි...

    ReplyDelete
  5. මධුරංග ,Anonymous,Kasun,අසනි
    අපිව දිරිමත් කළ ඔබ සැමට ගොඩාක් පිං , ඔය අදහස් එක්ක තවත් ලියන්නට ආසාවක් ඇති කළා.

    ReplyDelete
  6. ඔයා ලියපු කවි වලින් මම ආසම කවිය .
    හරිම ලස්සනයි.හිම ගැන කියන සින්දුවලට කවි වලට....
    මම ගොඩාක් ආසයි....
    කසුන් කීව වගේ ගොඩක් දියුනු වෙලා මේ
    පොඩිත්තෝ..

    ReplyDelete
  7. ඔන්න පුංචි නංගියෝ අද තමා ඉස්සෙල්ලාම ඔයාලගෙ බ්ලොග් එක බැලුවේ. ඔයාගෙ කවිය නම් ඇත්තටන ලස්සනයි..!!!

    ReplyDelete
  8. "පුන්චි මලේ හිම තිබුනත්,
    ඒ මල තනිවම පිපුනත්,
    ඔබෙ සුන්දර වදන් පෙලට,
    සුභ පතනව තවසැරයක්...."

    ReplyDelete
  9. Gimhani ,
    ආගන්තුකයා
    Nuwan Kalhara,
    අද වාර විභාගේ අන්තිම දවස නිසා පරක්කු වෙලා ගෙදර එනකොට , ඒ අතරේ අපි බලන්න ආපු , අපිට සුබ පතපු , අපිව උනන්දු කළ ඔයාලා හැමෝටම මගෙයි නංගිගෙයි ආදරණිය ස්තුතිය පුද කරනවා ,

    ReplyDelete
  10. ඇත්තටම ලස්සනයි .......
    මට මම රට ඉඳපු කාලේ මතක් උනා, හිම වැටෙන කොට පුදුමාකාර ගතියක් දැනෙනවා හිතට .......

    ReplyDelete