2013/08/28

ප්‍රංශ බසින් කතා කරමු .

අප දෙන්නා අද ඔයාලා එක්ක , කතා කරන්න හදන්නේ දිනපතා යොමුවන චවන කිහිපයක් , ගොඩාක් නොවෙයි , වචන දහයක් විතර. 

මේ ගැන අපේ මුල්ම ලිපිය කියවලා නැත්නම් මෙතැනින් ඒ ලිපිය කියවන්න පුළුවන්. ඒ වගේම පෙර ලිපියට අදහස් දැක්වූ , දිරිමත් කළ නැන්දල මාමල , අයියල අක්ක හැමෝටම ගොඩාක් ස්තුතියි .

මේ වචන ටික උච්ඡාරණය ටිකක් වෙනස් ,  , ඒ නිසාම  උච්ඡාරණය කරන විදියත් සිංහලෙන් ලිව්වා , ඒ වුනාට මේ සමහර වචන වල ගැඹුරු හඬවල් වලට සිංහල අකුරු දාගන්න නම් දන්නේ නැහැ . නිසා තමයි Soundtrack  එකක් දැම්මේ  , අහලම බලන්නකෝ ..මමයි නංගියි තමයි රෙකෝඩින් එක කළේ ... පුළුවන් නම් කියන්න බලන්න සවුන්ඩ් ට්‍රැක් එකේ ඉංග්‍රීසි වචනේ කියන්නේ කවුද කියලා ...? 

අප දැන් පටන් ගනිමු .


Hi - Salut!- සැලූ
Good morning - Bonjour! - බොන්ජ්ෂු 
Good evening - Bonsoir! - බොන්ස්වාහ්
Good night - Bonne nuit!- බොන්න්‍යුයි 
Thanks -Merci - මෙර්සිහ් 
Hi Friend - Hé ! L'ami!- ඒ ළමී 
Good bye - Au revoir! - ඔව්වා 
Excuse me - Excusez-moi - එක්ස්ක්‍යුසිම්වාහ් 
I am sorry - Pardon - පාර්දොන්
Good luck - Bonne chance - බොන්ෂ්චාන්ස්





2013/08/27

Bonjour les amis! - යාළුවනේ ..එන්න අළුත් වැඩකට .....


ලොව පුරා තිබෙන භාෂා අතරින් හොඳම බස කුමක්දැයි ඇසුවොත් .......මම නම් කියන්නේ ඒ සිංහල භාෂාව කියලයි .ඒත් ඒ වගේම හරිම ලස්සන භාෂාවක් තමයි ප්‍රංශ භාෂාව.

අද ඉඳන් “පුංචි හිතට දැනෙන දේ“ බ්ලොග් පිටුවෙදි අපි මේ ලස්සන භාෂාව ගැනත් “සිංහලෙන් “ කතා කරන්න හිතන් ඉන්නවා.

අද අපි මුලින්ම කතා කරන්න හදන්නේ ප්‍රංශ භාෂාවෙන් ගණන් කරන හැටි ..හරිම ලේසිය , ඒ වුනාට වචන උච්ඡාරණය කරන විදිය නම් ටිකක් වෙනස් .

තව දෙයක් කියන්න තියෙනවා , ඒ තමයි මම තවමත් ප්‍රංශ භාෂාව ඉගෙන ගනිමින් ඉන්නවා . ඒ නිසා ප්‍රංශ භාෂාව දන්න නැන්දල මාමාල ඉන්නවා නම් මේ ලිපිත් එක්ක එකතු වෙන්න . එතකොට අපට පුළුවන් වේවි ප්‍රංශ භාෂාව ගැන තියෙන “සිංහල බ්ලොග් එකක්ම“ හදන්න . සමහර විට ඒක ගොඩක් වැදගත් වේවි කැනඩාව වගේ රටකට එන්න බලාගෙන එන්න නැන්දල මාමලටත් .

දැන් අපි පටන්  ගනිමු ...







1 un 
2 deux
3 trois
4 quatre
5 cinq
6 six
7 sept
8 huit
9 neuf
10 dix



ඊළඟ දවසේ තව ටිකක් කතා කරමු .