ගොඩක් දවසකින් එන්න බැරි වුණේ අපිට ඉස්කෝලේ වැඩ ගොඩක් තිබුන නිසායි . ඒ අස්සේ අපේ සිංහල භාෂා දින තරඟ වලට තෝරනවා . මම අපේ පන්තියෙන් පස්දෙනාගෙ අතරේ ඉන්නවා ගායනයටයි විරිඳු කියන්නයි ඉන්නවා .
|
ලස්සන කොරල් බලන්නත් පුළුවන් |
මම අද ලියන්න යන්නේ හරිම ලස්සන තැනක් ගැන . යාළුවනේ ඔයාලා දන්නවාද?දකුණු පළාතේ ගොඩක් ලස්සන තැනක් ගැන . ඒ තමයි හික්කඩුව වෙරළ උද්‍යානය . මේ වෙරල උද්‍යානය ඉතාමත් අලංකාරයි . එහෙදී අපට විවිධ පාට මාළු , විවිධ ජාතියෙ පුංචි සිප්පි කටු වගේත් දැක ගන්න පුළුවන් . අපට ඉතා ප්‍රවේශමෙන් පීනන්නත් අපට හැකි වෙනවා .
අපිත් ගිය සතියේ ඉරිදා මේ වෙරල උද්‍යානයට ගියා . එහේ හරිම ලස්සනයි . මම ඔයාලට කලින් කිවුවා වගේ හරිම ලස්සනයි . අපි මේ වෙරල උද්‍යානයේ ඉන්නකොට ගත්තු ඡායා රූපත් ඔයාලට දැකගන්න පුළුවන් .
|
ලස්සන මාළු ... |
හැබැයි යාළුවනේ ඔයාලා මේ වෙරළ උද්‍යානයට යනවා නම් පොලිතින් බෑග් තැන තැන දාන්න එපා . ඒවා නියමිත තැනට දාන්න . එතකොට මේ වෙරළ උද්‍යානය ලස්සන කරන පුංචි මාළුවන් අල්ලන් යන්න එපා . මේ වෙරළ උද්‍යානය කැත කරන්න එපා . එතකොට අපේ අනිත් යාළුවන්ට මේ වෙරළ උද්‍යානයේ ලස්සන දැකගන්න බැරිවෙනවා. ඒ නිසා ඔයාලත් මේ වෙරළ උද්‍යානය ආරක්ෂා කරගෙන මේ තැන අසිරිය නරඹන්න.
|
මෙන්න මාළු අපි වට කරගෙන ... |
|
නංගිනං ටිකක් බය වුනා ... |
|
මෙන්න අපේ යාළුවෝ ... |
|
තාත්තා මාළු බබාලට කවනවා ... |