මෙහෙම කරමු , මම කියන්නම් ඉංග්‍රීසි වචනය , ඔයාල කියනවද ඒකේ french වචනය ..?
හරි ..එහෙම නම් පටන් ගනිමු ....
හරිම ලස්සනයි , දැන් ඔයාට ප්‍රංශ භාෂාවේ චවන ටිකක් මතකයිනේ ...ඔව් මේ ඉතින් පටන් ගැන්මනේ . අපි හිමින් හිමින් අළුත් වචන ඉගෙන ගනිමු . ටිකක් අමාරු වැඩේ උච්ඡාරණය කරන විදිය තමයිනේ ?....
එහෙමනම් අද අපි වචන දෙකක් තුනක් තියෙන පොඩි වාක්‍යයක් දෙකක් කියන විදිය හුරු වෙමු , මේක ඉතින් අළුත් පළාතකට ඇතුළු වුනා වගේනේ , ඉස්සර වෙලා හිමින් හිමින් පටන් ගනිමු , ඊට පස්සේ පුළුවන් ටිකක් වැඩිදුරට යන්නට.
හරි එහෙමනම් අපි පටන් ගමු! ..
ඔන්න යාළුවෝ දෙන්නෙක් හමුවෙලා වෙන කතා බහක් මේක .
හලෝ ...
හායි ..
මොකක්ද ඔයාගේ නම ?
මගේ නම මිතිලි
මෙන්න අපි දෙන්නා ....අර චූටි කට හඬ මගේ නංගියාගේ |
එහෙම නම් අද තව අළුත් වචන කිහිපයක් හඳුනගනිමු .
Ok - D'accord - ඩැක්කෝ (මේක කියවෙන්නේ මෙහෙමයි)
No - Non - නොඋන්
Yes - Oui - ව්වී
Please - s'il vous plaît -ෂිල්වූ ප්ලේයි
Hello - Bonjour - බොන්ෂූ...
එහෙම නම් අපි ගිහින් එන්නම් , හෙටින් අපේ මාස දෙකක නිවාඩුවත් ඉවරයි , මම නම් අළුත් ඉස්කෝලෙකට යනවා , නංගි නම් හිටපු ඉස්කෝලේමයි , ඉස්කෝලේ පටන් ගත්තට පස්සේ ඉඩ ලැබෙන වෙලාවට ආයෙත් හමුවෙමු .
එහෙම නම් ගිහින් ඉන්නම් ...!