|
කිරි වෙහෙර |
ඔන්න යාළුවවේ අපි ගියානේ වන්දනා ගමනක් , අපි ගියේ ගාල්ලේ සිට කතරගම දක්වායි . අපි ඊයේ උදෙන්ම ආ උදෙන්ම..... කිව්වට උදේ දහයට විතතර තමයි ගමන පයන් ගත්තේ .
ඒ යනකොට අපි ලස්සන දර්ශන ගොඩක් දැක්කා . ඒවයින් එකක් තමයි කතරගම පැත්තට යනකොට පාරෙ වතුර වගේ පෙනුන මිරිඟුව . ඒක තමයි මගේ සිත ඇදගත්තුම දේ . එහේ ගිහිල්ලා අපි ගිමන් හළක නැවතුනා . එහේ ටිකක් වෙලා ඉඳලා ගිමන් හැරලා , හවස හතරට විතර අපි ගියා කතරගම දේවාලේ වඳින්න . කතරගම දේවාලේට ගිහිල්ලා හරිම ලස්සන සුදු පාට නෙළුම් මල් පොකුක් අරගෙන අපි ඉස්සෙල්ලාම ගියා කිරි වෙහෙර වඳින්න .
|
දවල් කෑම ගත්ත හරිම ලස්සන තැන... |
අපි අරගත්තු සුදු නෙළුම් මල් ටික පූජා කරලා අපි බිම වාඩි වෙලා විවිධ ගාථා කියන්න පටන් ගත්තා . ගාථා කියලා ඉවර වුණාම අපි ටිකක් වෙලා එතන ඉඳන් නිදහසේ හිටියා .
|
ලොකූ දඟලන්න නෑ....... |
ඊට පස්සේ දවසේ අපි උදේ හතරට විතර ඇහැරලා , ගිමන් හලෙන් පිට වුණා අපිනම් වෑන් රථයේම ටිකක් නිදා ගත්තා . ඊට පස්සේ අපි නැගිට්ටේ කෑම කන්න කඩේක නැවැත්තුවා මයි . අපි එතැනදි උණු උණු සැන්ඩ්වි කෑවා , හරි ලස්සන දෙයක් දැක්ක එතැනදි , ඒ කඩේ දුම්බීම තහනම් කියලා ලියලා තිබුණා . ඒ වුණාට ඒ කඩේම අනෙත් පැත්තක ලියලා තිබුණා සිගරට්ටුවක රු . 18 . 00 කියලා . ඒ දෙය මම තාත්තිට කිවුවා . තාත්ති කිවුවා “මේ වගේ දේවළුත් අපේ බ්ලොග් එකට ලියන්න හොඳ වෙයි කියලා . ඊට පස්සේ අපි කෑම කාලා ගෙදර ආවේ දවල් උදේ අටට විතර . මෙහෙම තමයි අපේ වන්දනා ගමන ඉවර වුණේ
ලිව්වේ - දිනිති