පේලි ගැසී රංචු හැදී
අහස පුරා...............
රටා මවන තාරාවෝ
ඉර බැහැගෙන
යන මොහොතේ
අපේ හිතුත් සතුටු කරං
නිවෙස් බලා යනවාදෝ.............................
මුහුදු උඩින් කැළෑ උඩින්
මල් ගොමු අතරින් යන විට
ලස්සන ගංගා ඇල දොළ
මහ පොලවේ සිරි අසිරිය
දැක ගන්න නුඹලා හට
හැකිවේ නේ දෝ....
හීතල වැඩිවී
හිම වැටෙනා විට
උණුසුම සොයමින්
අත්තටු සලමින්
රටා ද මවමින්
බොහො දුර පියඹා
කොහි යන්නේ දෝ...................