පේලි ගැසී රංචු හැදී
අහස පුරා...............
රටා මවන තාරාවෝ
ඉර බැහැගෙන
යන මොහොතේ
අපේ හිතුත් සතුටු කරං
නිවෙස් බලා යනවාදෝ.............................
මුහුදු උඩින් කැළෑ උඩින්
මල් ගොමු අතරින් යන විට
ලස්සන ගංගා ඇල දොළ
මහ පොලවේ සිරි අසිරිය
දැක ගන්න නුඹලා හට
හැකිවේ නේ දෝ....
හීතල වැඩිවී
හිම වැටෙනා විට
උණුසුම සොයමින්
අත්තටු සලමින්
රටා ද මවමින්
බොහො දුර පියඹා
කොහි යන්නේ දෝ...................
ලස්සන කවි ටිකක්...
ReplyDelete-prasanna86
ReplyDeleteගොඩාක් ස්තුතියි
අනේ පැන්චියේ හරිම ෂෝයි කවි ටික :))
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeleteඔයාලට දැන් තාරාවො රංචු ඉගිලෙනව බලන්නත් ලැබෙනව ද ???
ReplyDeleteලස්සන කවි ටික . . .
ඔව් මාමේ අපිට ගොඩක් වෙලාවට තාරාවෝ දකින්න ලැබෙනවා .අපි කාක්කෝ දෙන්නෙකුත් දැක්කා .ඒත් මේ දවස් ටිකේ දකින්න ලැබුනේ නෑ.
ReplyDelete