2011/12/27

නත්තල් නත්තල් .......

 නත්තල් සීයගේ තෑගී
පුංචි අපට         තෑගී                                        
මෙන්න අපට    තෑගී
පුංචි අපට         වාසී
නත්තල් මේ  කාලේ

නත්තල් සීයට ලියුම්          ලියනවා 
මෙන්න මෙන්න අපි ලියුම් ලියනවා
හරි හදිස්සියෙන් ලියුම්      ලියනවා
තෑගි ඉල්ලලා ලියුම්           ලියනවා

ගෙජ්ජි සද්දේ හැම තැන ඇහෙනවා 
අනිත් සද්ද ටික ටික අඩු     වෙනවා
පුංචි ළමයි සතුටින්       ඉපිලෙනවා 
නත්තල් අසිරිය ළඟ ළඟ      එනවා

2011/12/18

චූටි මගේ රහසක් ...

යාළුවනේ මගේ ගාව රහසක් තියෙනවා කියන්න . හැබැයි කාටවත් කියන්න එපා .මගේ පළවෙනි Presentation එක  දෙසැම්බර් විසි දෙවන අඟහරුවාදා තියෙනවා . මට නම් ඉවසිල්ලක් නෑ. හිහි හිහි හිහි හිහි .
මං මිතිලි......

බැලුම් බෝලේ



ලිහිනිගේ  බැලුම
                                                     ඔන්න එකමත්තේක කාලෙක  ලිහිණි  කියලා  පුංචි ළමයෙක්  හිටියා.ඒ ළමයා හරිම ගුණ ගරුක ළමයෙක් .ලිහිණි  හැම අවුරුද්දකම පන්තියේ පළවෙනියා .ලිහිණි අම්මත් එක්ක හැමදාම පොළට යනවා .ඒ වුනත් එයා ට හිතෙන හිතෙන දේ අම්මාගෙන් ඉල්ලන්නේ නෑ .ඒක නිසා   අම්මා එයාට හරිම ආදරෙයි . එයාගේ ගෙදරට එහා පැත්තේ ලක්විරු කියලා  නරක ළමයෙක් හිටියා .  

                                                                අද ලිහිණිගේ උපන් දිනේ ! ඒක නිසා එයා  අද අම්මත් එක්ක පොළට යනවා . ඒයාට අද තෑගි හම්බ වෙනවා . ලිහිණිගේ  අම්මා ඇහුවා “ඔයාට මොනවාද ඕනේ“ කියලා .ලිහිණි කිව්වා“ බැලුම්බෝලයක් “ කියලා .හරි මෙන්න.එයාට හරිම සතුටුයි . එයා ඒකෙන් සෙල්ලම් කරා .ඒත් එක දවසක් විතරයි .

                                                                  අනේ! එයාගේ බෝලේ  ලක්විරු  කියන නරක ළමයා අරන් ගිහින් . ඒත් ලිහිණි දුක් වුනේ නෑ.  ලක්විරු ඒකෙන් සෙල්ලම් කරා .   ඒත් එකම එක දවසයි . එදා රෑ ........ “චටාස්  පටාස්“ “දැන් වෙලාව රෑ දොලහයි . මේ  මොකද මේ ? “ ලක්විරුගේ අම්මා කෑ ගැහුවා . ලක්විරු  සාලෙට දුවලා ලිහින් බැලු වා . එයාගේ බැලුම් බෝලේ කෑලි කෑලි වලට කැඩිලා ලක්විරු කෑ ගහලා ඇඬුවා. ඒ සද්දේ ඇහිලා  එයාගේ අම්මා එයාට හොඳටම බැන්නා .  

                                                                      අද ලිහිනිගේ අම්මා එයාට ලොකූ රබර් බෝලයක් අරන් දුන්නා .අනේ  ලිහිනිට හරිම සතුටුයි . ලිහිනි ඒක එයාගේ  කාමරෙන් අරන් තිබ්බා . ඒත් නරක ලක්විරු ට නම් ආයේ කවමදාවත් බෝලයක් අල්ලන්නවත්  හම්බුනේනම් නෑ . ඒත් ලිහිනි නම් ඒ බෝලෙන් හොඳට සෙල්ලම් කරා . ඒ විතරක් නෙවේ . එයා මේ වාරෙත් පන්තියේ පළමුවෙනියා . ඒත් ලක්විරු මේ පාරත් පන්තියේ අන්තිමයා . 

                                                               

2011/12/11

හොඳ යාළුවෝ ...

එකමත් එක කාළෙක මලකුයි සමනළයෙකුයි යාළුවෙලා හිටියා . ඔන්න ඉතින් ..සමනළ පැංචිට බඩගින්නක් ආවා...ඊට පස්සේ යාළු මල ළඟට ගියා ..

“යාළුවේ මට හොඳටම බඩගිණියි ...මට මල් පැණි ටිකක් හොයාගන්න පුළුවන් කොහෙන්ද ?“ සමනළී ඇහැවුවා...

“ඔන්න ඔය විල පහු කරල ටික දුරක් ගියාම මල් වත්තක්ම තියෙනවා කියල මගේ කුරුළු යාළුව මට දවසක් කීවා..හැබැයි පරිස්සමින් යන්න ...නපුරු මකුළුවෙක් ඉන්නවාලු ..“ මල් කුමාරි ...අපේ සමනළීට කිව්වා..

ඔන්න දැන් සමනළි හරි හදිස්සියෙන් මල් වත්තට පියඹනවා ......අනේ ... මෙන්න අපේ සමනළී , අර නපුරු මකුළුවගේ දැළට අහුවුනා...

“අනේ...අනේ මාව බේරගන්නකෝ ...“ සමනළී කෑගැහුවා ... මෙන්න අර නපුරු මකුළුවා ටික ටික අපේ සමනළී ගාවට ලංවෙනවා ...අනේ අපේ සමනලී...

සමනළීගේ හඬ ඇහුනා අපේ යාළු මල් කුමාරිට ...එයාට ගොඩාක් දුක හිතුනා ..ඒත් එයාට සමනළි බේර ගන්න එන්න බැහැනේ ...ඉතින් එයා කල්පනා කළා..ඔන්න මතක් උනා ..මගේ කුරුළු යාළුවට කියන්න ඕන ..

“කුරුළු යාළුවේ ...අනේ මගේ සමනළීව බේරා දෙන්න ..එයා අන්න අර  නපුරු මකුළුවගේ දැළේ පැටලිලා...අනේ උදව් කරන්නකෝ ...“ සමනළී ...කුරුළු පැංචගෙන් ඉල්ලුවා ..

කුරුළු පැටියා වේගෙන් පියාඹල ගිහින් අපේ සමනළී අර නපුරු මකුළුවගෙන් බේර ගෙන මල් කුමාරි ගාවට ගෙනත් දුන්නා.

“අනේ ගොඩාක් පිං යළුවේ මාව බේරගත්තාට ...“ සමනළි කිව්වා ..
“ඔව් අපි යාළුවෝනේ ... හොඳ යාළුවෝ තමන්ගේ යාළුව කරදරේක වැටුනම උදව් කරනවානේ ...

උදෑසනින්........

උදෑසන අසිරිය

උදෑසනින් තමයි පුංචි අපි        ඇහැරෙන්නේ
කුකුළගේ  නාදය හින්දයි අපි ඇහැරෙන්නේ
ගස්වල සිලි හඬ ඇහිලයි අපි   ඇහැරෙන්නේ
උදෑසනේ සිරි දැකලයි  අපි       සැනසන්නේ


උදෑසනින් මුහුන කටත්  සෝදා        ගන්නේ
ඉක්මණින්ම පාද තියා    පාසල්       යන්නේ
යාළුවෝ ටික එකතු වෙලා  කතා  කරන්නේ
උදෑසනම සිනා සිසී ටීචර්               එන්නේ


උදෑසන       එන්නේ
කුරුලු හඬ දෙන්නේ
සතුට     රජ යන්නේ
හිත     සනසවන්නේ

2011/12/04

මගේ පළමු Science Presentation එක ...

මේ මගේ පන්තියේ ඔක්කොම යාළුවෝ
යාළුවනේ ඔන්න මම ආයෙත් සතියකට පස්සේ මේ ලිපියක් ලියනවා , මේ ලිපිය ලියන්නේ හරිම සතුටින් , මොකද තවම අපි කැනඩාවට ඇවිත් මාසයයිනේ , ඒත් මට පුළුවන් වුනා මගේ පන්තියේ යාළුවෝ , ටීචර්ස්ලා ඔක්කොම ඉස්සරහ ලස්සනට Science Presentation එකක් කරන්න. මගේ පන්තියේ ලංකාවේ යාළුවෝ කවුරුවත් නැහැ, ඉතින් ඒ නිසා ලංකාව ගැනත් , ඒ සත්තු , වනාන්තර , ලස්සන ගැනත් ටිකක් මම කිව්ව. එයාල කිසි කෙනෙක් ලංකාවට ඇවිත් නැහැ. ඉන්දියාවේ යාළුවෝනම් ලංකාව ගැන ටිකක් දැන ගෙන හිටියා.

මම කළේ මුවා ගැන වැඩසටහනක් ,මුවා food chain එකට සම්බන්ධ වෙන හැටි , මුව වර්ග , ලෝකේ පුරා පැතිරිලා ඉන්න විදිය , ඒයාලගේ තියෙන විශේෂ හැකියාවන් Adaptations , Habitat .  ඔය වගේ ගොඩක් දේවල් ගැන ඉදිරිපත් කළා. එයාලට හරිම පුදුමයි. අපේ ටීචර් Mrs. Slunwhite , Science Teacher Mrs.Thomas වගේම මගේ යාළුවෝ හැමෝමත් මට ගොඩාක් හොඳයි කිව්වා, අපේ ටීචර් කියනවා අපිට පුළුවන් වුනාට එයාලගේ භාෂාව ඉගෙන ගන්න , සිංහල කතා කරන්න ටීචර්ට  හිතාගන්නවත්  බැහැලු. ඉතින් ලංකාවේ අපි හොඳයි නේද ?

මේ මායි නංගියි හදපු Diorama එක
ඒ Presentation එක කරන්නට මම , නංගිත් එක්ක එකතු වෙලා හදපු Diorama එකත් ප්‍රයෝජනයට ගත්ත , ඒ ගැනත් යාළුවන්ට පුදුමයි. මොකද එයාල ඒකට ඕන කරන සත්තු ඔක්කොම කඩෙන් අරගෙන  මම නම් clay වලින් හැදුවා. මට නම් ඒක හරි ලස්සනයි.

ඉතින් යාළුවනේ මෙන්න මේ link එකට ගිහින් මගේ Presentation එක බලන්න පුළුවන් , හැබැයි ඒකනම් ටික වෙලාවකට කෙටි කරල තමයි හදල තියෙන්නේ , ඉස්කෝලෙදි නම් පැයක් විතර ගියා මේක කරන්නට




https://www.facebook.com/photo.php?v=330821283598263

2011/11/27

අළුත් අළුත් හැමදේමත්

මගේ අලුත් පාසලයි ...
මගේ අලුත් පන්තියයි ...
මගේ අලුත් යාළුවොයි ....
හොදයි හොඳයි හරි හොඳයි ...

සෙල්ලම් බඩු හරි ගොඩයි ....
කතා පොතුත් හරි ගොඩයි ....
ගුරුතුමියත් හරි හොඳයි ...
අපිට හොඳට උගන්වයි ...

දැන් නත්තල් ලඟයි ...........

නත්තල් නත්තල් හැම තැන  නත්තල්
    අපිට දැන් පුංචි හිම කැට වැටෙනවා.ඒත් සමහර  ෙවලාවට විතරයි . “දැන් ඉර පේන්න  නැහැ  ෙන් නංගි ඇහුවා " මොකක්ද අක්කි  ෙම් හරිම කරුවලයි  ,සීතලයි"
“ඒ චූටි  මේ රට ලංකාවට වැඩිය වෙනස්   . අනිත් ඒක  ෙදසැම්බර් මාසේත් ලඟයි .චූටී ඔයා දන්නවද දෙසැම්බර් මාසේ තියෙන වැදගත් කමක්? . ම්.................... බලමු ............නෑනේ අක්කි ..... මම කියන්නද? හා කියන්නකෝ  ..... නත්තල්.

                                   
 ඔව් ,දෙසැම්බර් මාසේ කිව්වාම අපිට මතක් වෙන්නේ නත්තල්. නත්තලට මේ පළාතේ  හැම තැනම සරසනවා . රෑට හරිම ලස්සනයි , එක එක පාට විදුලි බුබුළු වලින් හැම තැනම ලස්සන වෙලා , ඇයි නත්තල්  තියෙන්නේ 24 වෙනිදානේ .දැන් කඩවල්වල මිනිස්සු පිරෙනවා . මේ දවස් වල නෑ නත්තල් කාලෙට අපිට සතුටුයි  ඇයි   අපටත් තෑගි හම්බවෙනවා . අපේ නංගි නම් තාමත් බලාගෙන ඉන්නේ නත්තල් සීයාව දකින්න , අද නත්තල් සියාගේ පෙරහැරක් තිබුණා මීට කිට්ටුව නගරයක , ඒත් අපිට යන්න බැරි උනා වැස්ස නිසා .

ආයෙත් දවසක මේ වගේ කතාවක් ලියන්නම් .

2011/11/19

කැනඩාවයි ලංකාවයි

කැනඩාවෙනෙ අපි                  ඉන්නේ
ලංකාවෙන් අපි                          ආවේ
හිම නෑවිලා ........ගහත්  පිරිලා..............
අපි කැනඩාවට                         අලුතයි
අපි කැනඩාවට                         අලුතයි


කැනඩාවේ අවට                       හැඩයි
ලංකාවේ වගේ                          තමයි
හැබැයි ඉතින් වැඩේ                  තමයි
සීතල  නම් හරිම                      වැඩියි

ගස් කොලනුත්  හරිම              හැඩයි
ලංකාවෙත් එහෙම                   තමයි
පුංචි ලමයි හිමේ                      නටයි
මට නම් හරි ආස                  හිතෙයි


හිමයි හිමයි හිම                   වැස්සයි
ගොඩයි ගොඩයි ගොඩක්        හිමයි 
ටිකක් ඉතින්                     සීතලමයි
ඒත් ඉතින්    හරි                    ආසයි

My Teacher .


I love my teacher. My teacher's name is Mrs.Davis.My teacher is very Nice.She is very beautiful.
she tells stories for us. I LIKE HER VERY MUCH.I like my class and my new friends.

2011/11/13

සීතල හිම කැට...


හිම කැට කැට වැටෙනවා ...
පුංචි ළමයි නටනවා ...
කට අල්ලන් ඉන්නවා ..
රසම රසයි කියනවා ...

2011/11/12

හිම වැස්සක් වැස්සා

 
අපි හොඳට සෙල්ලම් කළා
 ට්‍රීං ට්‍රීං..........“උදේ අටයි වෙලාව  නැගිටින්න ලොකූ පොඩී “ අම්මී අපට කතා කලා. ඊයේ අපි නිදා ගන්න කොට රෑ එකොළහත් පහු වෙලා , අපි ගියානේ දිලානි නැන්දලගේ ගෙදර Dinner එකකට , හරිම සතුටුයි , යාළුවෝ ගොඩක් හම්බ උනා , අපි හොඳට සෙල්ලම් කළා ,ඒ අක්කත් ඉන්නේ අපේ ඉස්කෝලේ පහේ පන්තියෙ.

දිය බිඳුව


 අපේ පණත්  රැකගනිමින්  ඉන්නා දිය           බිඳුව
 ගහට වැලට පණ දෙන්නෙත්   මේ සුන්දර     බිඳුව
 සත්තුන්ටත් පණ දෙනවා මේ ලස්සන           බිඳුව
 පරිසරයත් හැඩ කරනවා මේ සුන්දර             බිඳුව





2011/09/30

මගේ පුංචි නංගියා....

මමයි ,නංගියි, අක්කයි ..
මගේ පුංචි නංගියා....

එයා හරිම සුරතලී.......

අපිත් එක්ක සෙල්ලමටම....

එන්න හදනවා.....

බැලුම් බෝල අරං ඇවිත් .....
බෝල ගහනවා.....

ඔයා බලන්නට....
අපි හෙට නුවරට එනවා

හික්කඩුව වෙරළ උද්‍යානය

ගොඩක් දවසකින්  එන්න බැරි වුණේ අපිට ඉස්කෝලේ වැඩ ගොඩක් තිබුන නිසායි . ඒ අස්සේ අපේ සිංහල භාෂා දින තරඟ වලට තෝරනවා . මම අපේ පන්තියෙන් පස්දෙනාගෙ  අතරේ ඉන්නවා ගායනයටයි  විරිඳු කියන්නයි ඉන්නවා .

ලස්සන කොරල් බලන්නත් පුළුවන්
                  මම අද ලියන්න යන්නේ  හරිම ලස්සන තැනක් ගැන . යාළුවනේ ඔයාලා දන්නවාද?දකුණු  පළාතේ ‍ ගොඩක් ලස්සන තැනක් ගැන . ඒ  තමයි හික්කඩුව වෙරළ උද්‍යානය .  මේ වෙරල උද්‍යානය ඉතාමත්  අලංකාරයි . එහෙදී අපට විවිධ පාට මාළු , විවිධ  ජාතියෙ  පුංචි සිප්පි කටු වගේත් දැක ගන්න පුළුවන් . අපට ඉතා ප්‍රවේශමෙන්  පීනන්නත් අපට හැකි වෙනවා .
 
                 අපිත්  ගිය සතියේ ඉරිදා මේ වෙරල  උද්‍යානයට  ගියා . එහේ හරිම ලස්සනයි . මම ඔයාලට කලින් කිවුවා වගේ හරිම ලස්සනයි . අපි මේ වෙරල උද්‍යානයේ ඉන්නකොට  ගත්තු ඡායා රූපත් ඔයාලට දැකගන්න පුළුවන් .

ලස්සන මාළු ...
හැබැයි යාළුවනේ ඔයාලා මේ වෙරළ උද්‍යානයට යනවා නම්  පොලිතින් බෑග්  තැන තැන දාන්න එපා . ඒවා නියමිත තැනට දාන්න .  එතකොට මේ වෙරළ උද්‍යානය  ලස්සන කරන  පුංචි මාළුවන් අල්ලන් යන්න  එපා .  මේ වෙරළ උද්‍යානය කැත කරන්න එපා .  එතකොට අපේ අනිත් යාළුවන්ට මේ වෙරළ උද්‍යානයේ  ලස්සන  දැකගන්න බැරිවෙනවා. ඒ  නිසා  ඔයාලත් මේ  වෙරළ උද්‍යානය ආරක්ෂා කරගෙන  මේ තැන අසිරිය නරඹන්න.
මෙන්න මාළු අපි වට කරගෙන ...

නංගිනං ටිකක් බය වුනා ...

මෙන්න අපේ යාළුවෝ ...

තාත්තා මාළු බබාලට කවනවා ...

2011/09/15

LEIDERKRANZ - අපේ ප්‍රසංගය 17 දා....

මේ දවස් ටිකේ බ්ලොග් එකට එන්න බැරි වුනේ ලොකූ රාජකාරියක් කරපු නිසයි .  ඒ තමයි අපේ  බටහිර   සංගීත ප්‍රසංගයක්   සූදානම් වීම . ඒ ප්‍රසංගනයට   අපි  කණ්ඩායමක් වශයෙන්  වයලින්  වාදනයක්  ඉදිරිපත් කරනවා  . අපේ  කන්ඩායමෙන් පොඩිම කෙනා මමයි .  ඒ නිසා මම හොඳට  පුහුනු වුනා .