2011/11/12

හිම වැස්සක් වැස්සා

 
අපි හොඳට සෙල්ලම් කළා
 ට්‍රීං ට්‍රීං..........“උදේ අටයි වෙලාව  නැගිටින්න ලොකූ පොඩී “ අම්මී අපට කතා කලා. ඊයේ අපි නිදා ගන්න කොට රෑ එකොළහත් පහු වෙලා , අපි ගියානේ දිලානි නැන්දලගේ ගෙදර Dinner එකකට , හරිම සතුටුයි , යාළුවෝ ගොඩක් හම්බ උනා , අපි හොඳට සෙල්ලම් කළා ,ඒ අක්කත් ඉන්නේ අපේ ඉස්කෝලේ පහේ පන්තියෙ.


මෙන්න අපේ ඉස්කෝලේ ..
අද නැගිට්ටේ අටට , ඒත් අපිට ඉස්කෝළෙ යන්න වෙලාව තියෙනවා , අපේ ඉස්කෝලේ පටන් ගන්නේ උදේ 9. 00 ට ඇරෙන්නේ 3.45ට.අපේ ඉස්කෝලේ නම Kindree Public School .මගේ පංති කාමර අංකය තමයි 211 . මගේ පංති භාර ගුරුතුමි තමයි Ms . Slaunwhite  .  මට  අපේ පංතියෙ යාළුවෝ ගොඩක් හම්බුනා, එයාලා එක එක රටවල අය ඒත් ලංකාවෙන් මම විතරයි  . ඒත් එයාලා මට හුඟක් උදව් කළා.                                                                              

ඔක්කොටම එක පොතයි ...
අපේ  පංතියේ  Social Study ,French , ,Science   ,maths,  music and dance ,library , gym ,  වගේ විශයන් ගොඩක් තියෙනවා . අපේ  ගුරුතුමි අපිට හරිම  ආදරෙයි , විහිළුකරනවා  , අපිව හිනස්සනවා හැම තිස්සේම. මම  ඉස්කෝලේ  යන්න නම් හරිම කැමතියි ..........

ඉස්කෝලෙදි අපිට කෑම වේල් තුනක් තියෙනවා . එකක් උදේ 10.30 ට ඒක snackඑක  අනිත් එක  සවස  1. 00 lunch එක ඊ ලඟට  තියෙන්නේ 3.30 ට  snack එක .අද උදේ 10.30 ට තියෙන snackඑකේදි පුදුම වැඩක් තමයි වුණේ . අපි පුරුදු විදියට එළියට ආවා . එන කොට පුංවි වැස්සක් වැස්සා....ආහ් ! ඒක වැස්සක් නෙමෙයි පුංවි පුංවි හිම  කැට !!!! අපි හොඳට දැඟලුවා . සමහර අය හිම කැට කටට  ගත්තා . ඒ වුනත් ඒක හොඳ නැති වැඩක්ලු.       ට්‍රීං ට්‍රීං..........  අයියෝ snack    වෙලාව ඉවරයි . කමක් නෑ .....       lunch  වෙලාවේදීත් හිම කැට වැටෙයි කියලා හිතාගෙන  අපි පංතිවලට ගියා .

මේ දේවල් කොච්චර  තිබුනත් මට ලංකාවේ යාළුවෝ නැන්දලා මාමලා  ,මගේ සංඝමිත්තා විද්‍යාලය ඒ එක්කම මගේ ආදර ගුරුතුමීන්ලා නිතරම මතක් වෙනවා .ඒ හමෝටම මමත් මගේ නංගීත්  හරිම ආදරෙයි හැමදාමත්.                                                   

9 comments:

  1. මගෙ පුතාලා දෙන්නා හුග දවසකින් දැක්කේ..පුතාල අපෙන් ගොඩාක් ඈතට ගිහින් පාටයි...කොහේ කොතැනක හිටියත් හොද දරුවන් වෙලා මේ සමාජෙට තිලිණ වෙන්න මගේ පුතේ...

    ReplyDelete
  2. කාලෙකට පස්සේ දුවලගේ ලිපියක් කියවන්න ලැබුනේ. ඔයාලගේ අලුත් ජීවිතයට සුභ පතනවා.ඔයාලා අලුත් රට දකින විදිහ ගැන, ඉගෙන ගන්න විෂයන් ගැන තොරතුරු ලියන්න.

    ReplyDelete
  3. ෂා.. හරිම ලස්සන දවසක් නේ..
    තැන්කූ.. මාවත් හිම වැටෙන ඒ දවසට අරන් ගියාට...

    ReplyDelete
  4. -අසනි ,
    ගොඩාක් පිං අසනි නැන්දේ , ඔව් අපි කැනඩාවට ආවා , පහුගිය දවස් ටිකේම ලියන්න වෙලාවක් තිබුණෙ නැහැ , ඇවිද්දා ..

    -Anonymous,
    ඔව් නැන්දේ ලියන්න ගොඩාක් දේවල් තියෙනවා , දැන් ටික ටික ලියනවා. ගොඩාක් පිං අපේ සටහනට පැමිණියාට .

    -Red Riding Hood,
    මං ආසම කතාවේ නමනේ මේ ,....ඔව් තාම හරියට හිම වැටුනේ නැහැ..එතකොට නම් හරිම අමාරුයිලු ..ගොඩාක් ස්තුතියි

    ReplyDelete
  5. දිනිති දුව,

    ඔයගෙ හෑකියාව හෑමදාම තියාගන්න. හරි ලස්සනට ලියලා තියෙනව.

    දිලනි නන්දා.

    ReplyDelete
  6. -දිලානි නැන්දේ ,
    ගොඩාක් ස්තූතියි නැන්දේ.

    ReplyDelete
  7. ඔයාලා හිමේ සෙල්ලනුත් කරලා.
    ඔයාලට ස්නැක් වෙලාවකුත් තියෙනවා. එතකොට ඔයාලා ඉගෙන ගන්නේ ඉංග්‍රිසියෙන් වෙන්න ඇති. මරු මරු.
    දූලා දෙන්නා හොදට ඉගෙන ගන්න.

    ReplyDelete
  8. බොහොම ස්තුතියි දුව විස්තර වලට. හරිම සතුටුයි ඔයාල සංතෝසෙන් ඉන්න බව පේනවා. හොඳින් ඉගෙනගන්න. ඔයාල හොඳ දරුවෝ. ඔයාලට වරදින්නේ නෑ...
    මම ආසාවෙන් බලාගෙන හිටියෙ අපිට ලියනකම්.
    සුබ අනාගතයක් පතනව!

    ReplyDelete
  9. -මධුරංග ,
    ඔව් මාමේ , අපි හොඳට ඉගෙන ගන්නවා

    -Gimhani ,
    නැන්දට ගොඩාක් ස්තුතියි ,අපිට දැනෙන්නේ ලංකාවේ ඉන්නව වගේමයි නැන්දල , මාමල මෙහෙම කතා කරනකොට...

    ReplyDelete