2011/06/26

පුංචි අපි දඟයි...

පුංචි අපි දඟයි
සෙල්ලමට රිසියි
පුංචි ලෝකෙ අපෙ
හැටි එහෙම තමයි

මට හරි සතුටුයි


අපෙ  වත්තේ  .............
වත්ත  කොනේ .............
පුංචි  මගේ දාස් ගසේ...............
රෝස පාට මල් පිපිලා .................
මට හරි සතුටුයි...................

ලිව්වේ - දිනිති 

2011/06/24

පුංචි මගේ දත

පුංචි ‍මගේ දත
ඔයා හැළුනෙ ඇයි
ලේනා ඇවිදින්
ඔයා අරන් යයි

කවිය - මිතිලිගේ 
පිංතූරය ගත්තේ - අක්කා
පිංතූරෙ ඉන්නේ - මිතිලි මම

2011/06/23

පුංචි පුංචි කූඹියෝ

පුංචි පුංචි  කූඹියෝ
හරිම කඩිසරයි.....
උදේ රෑ ඉඳන්
කෑම සොයා යයි.......
කෑමක් දුටු  විට
සැම එක්කන් එයි....
එකමුතු කම නිසා
සැමදා ජය වෙයි....

           - ලිව්වේ - මිතිලි 

උදෙන්ම නැගිටිමු

දොයි දොයි බබා

යාළුවනේ  , ඔයාලා  උදෑසන අවදි වෙනවා ද?  අපි දෙන්නා නම් උදේ පාන්දරම අවදි වෙනවා ....කෑමට එන කුරුල්ලොත් බලලා , අම්මටයි තාත්තටයි කරදර කරන්නේ නැතිව   තනියම   මූණ කට හෝද  ගෙන බත් කාලා ඇඳුම් ඇඳ ගෙන කොන්ඩෙ පීරගන්නවා ‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍. එතකොට හරීම සතුටුයි , ඇයිද දන්නවද අපි අම්මට තාත්තට කරදර කළෙත් නැහැ , වැඩ ටිකත් ඉක්මණට ඉවර වෙලා අපිට උදෙන්ම ඉස්කෝළෙ යන්නත් පුළුවනනේ . 

මං දන්නවා   යාළුවනේ   සමහර යාළුවො නම්  උදේට නැගිටින්න හරිම කම්මැළියි  , අම්මාටයි    තාත්තාටයි හරියට කරදර කරනවා උදේට . ඇඳුම්  හොයන්න , පොත් බෑග් හදන්න , ඇඳුම් ඇඳ ගන්නට අම්මට තාත්තට කරදර කරන්න එපා ...ඒ වගේ පුංචි පුංචි වැඩ කළාම අපිටත් හරි ආඩම්බරයි නේද ? අනෙක අපි අම්මටත් උදව් කළානේ... 

ඔයාලා  තනියම ඔයාලගෙ වැඩ ටික කරගන්න , උදෙන්ම නැඟිටින්න එතකොට දවසම හරිම සතුටුයි......


ලිව්වේ - දිනිති 

2011/06/21

සරුංගලේ

සරුංගලේ සරුංගලේ  ඔයා හරි               හැඩයි
නූල දිගේ උඩ යනකොට  හරිම හරි        අගෙයි
අහසෙ ඉඳන් රැලි සොලවා නටන හැටි   අගෙයි
පුංචි අපේ සිතට සතුට ගෙනෙන හැටි     අගෙයි



ලිව්වේ  - මිතිලි

මුහුද....


මුහුදු වෙරළ             ලස්සනයි
සුදු පෙණ කැටි උඩ       පනියි
සිනිදු  වැල්ල හරි        අගෙයි
ඉර ගිලගෙන           සිරිමවයි








ලිව්වේ - දිනිති

2011/06/20

යාළු පූසෝ - පුංචි මගේ කවි


යාළු පූසෝ
හොදයි‍   හොදයි  හොදයි
අපි  දෙන්නා  යාළුයි
හැමදාමත් අපි දෙන්නා 
රහස්  ගොඩක් කියයි

කවිය ලිව්වේ - මිතිලි , උදව් කළා අක්කා.....්

හාවුන් බලන්න ගියදා - අපේ පිංතූර කතාව

හරිම ලස්සන ගමක්...
                              ඉරිදා නිවාඩු දවසක් , හික්කඩු සීයලගෙ ගෙදර යන ගමන් අද  අපි ගියා  රජස්කන්ද  විහාරයට , හරිම ලස්සන පැත්තක් .......






2011/06/18

පුංචි සමනළී -මගෙන් චූටි කතාවක් ....

                                          ඔන්න යාළුවනේ ,   දවසක්  දා    මැදියම් රෑ පුංචි සමනළී ජනෙල් කවුළුවෙන් එළිය බලාගෙන  හිටියා. එතකොට එයා  දැක්කා පුංචිම පුංචි සුරංනාවියක් . එයා දැක්කා  ඒ  සුරංගනාවියට  ලස්සන  තටු දෙකක් තිබුණා. ඉතින් එයාටත් හිතුණා පියාඹන්න.

සමනලයා

සමනලයා

සමනලයෝ  සමනලයෝ.......
කොයි සිට ආවාදෝ........................
පාට පාට ලස්සන තටු.....
කොහෙන් ගෙනාවදෝ...
කොලේ උඩට වෙලා මොකද....
මල් කුමරියො නැතිදෝ.......


කවිය ලිව්වේ -මිතිලි

2011/06/17

අපි දෙන්නගේ කවි ...

කුරුළු බබාලා...

අඹ ගහ මුදුනේ ...
චූටි කූඩුවේ ඉන්නා
කුරුළු  බබාලා...
බඩගිනි  වීලා....
කටවල්  ඇරගෙන..
අම්මා එනතුරු ...
මේ ඉන්නේ..............

                                                   කවිය ලිව්වේ - මිතිලි

2011/06/16

කෑම පිඟාන.....

 යාළුවනේ ,  අපි  අද මගුල්  ගෙදරක  ගියා.........
අපි ඒ අයත් එක්ක කථා කරලා  එළියට  ගියා  ටිකක්  නිදහසේ   ඉන්න කියලා . 


හරීම ලස්සනයි ....මුහුදු රැළ සද්දේ ...නංගී හිමීට මගෙන් අහනවා .... “අක්කී රැළ පාගන්න යමුද කියල අහන්නකෝ ......  “


 .......අම්මගේ staff එකේ ආන්ටිල ගොඩාක් ඉන්නවා ....චූටි බබාලත් ගොඩයි ....      





2011/06/15

පින්බර ...සුන්දර....දවසක්......

 අද පොසොන්  පෝය දවසයි      ,   ඒ  නිසා  අපි අද ගියා ලොකූ  ගමනක්  .  සීත සුළං    කපාගෙන  අපි ගියේ........ අකුරැස්ස වගේ  සුන්දර    ගම්මාන මැදින්   . 

ඒ යනකොට ................................                
පෙනෙන තෙක්  මානයේ විහිදී ඇති  නිල්වන්  කෙත් යායවල්   මැදින්  යන විට අපි ඉතා සතුටු  වීමු .  ඒ අතර    ඉතා ලස්සනට   පිල් විදහා   ගෙන හිටියේ මොනරෙක් . “අන්න..අන්න ලස්සන මොනරෙක්................  “. මං ඉක්මනට   චූටිටයි,   අම්මිට යි    තාත්තිටයි  කිව්වා .  තාත්ති , තාත්තිගෙ ජංගම දුරකථනයෙන් ඡායාරූපයක් ගත්තා. ......

2011/06/14

හාවාට අභය දානය දුන් හැටි.....

අපේ හා පැටියා....

      ඔන්න යාළුවනේ,  අද අපි බිත්තර ගන්න කඩේට ගිහාම  මම දැක්කා හාවුන් ගොඩක් කූඩුවක දාලා ඉන්නවා .




එතැන චූටි පැටවු , ලොකු හාවුන් ගොඩාක් හිටියා.යාළුවනේ ඔයාලා දන්නවද ඇයි මේ හාවුන් කූඩුවෙ ඉන්නේ කියලා? එක් මස් අලෙවි කරන කඩයක් , එයාලා ඒ හාවුන් මරල විකුණන්නයි හිටියේ . එතන හිටියා  පොඩි සුදු හා පැටියෙක් සමග උ‍ගේ අම්මා ,පැටියා  කූඩුව ඇතුලේ තිබුණු පළා කොළ වගයක් කනවා. අම්මා ඌව ආදරයෙන් ලෙවකමින් සිටියා.




2011/06/09

We are Sri Lankan kids.......

I am Dinithi , 9 years old girl from Sri Lanka. My home town is Galle ; very nice and scenic city of the Sri lanka. Now I'm in grade 4 at Sanghamittha Collage - Galle.



My parents are nursing officers, they work at Teaching Hospital , Karapitiya (Galle) . I have only one sister , Her name is "Mithili" ;and she went Rainbow Kids International School (Preschool).But Now she is in grade 2 in my school too.