2011/06/18

පුංචි සමනළී -මගෙන් චූටි කතාවක් ....

                                          ඔන්න යාළුවනේ ,   දවසක්  දා    මැදියම් රෑ පුංචි සමනළී ජනෙල් කවුළුවෙන් එළිය බලාගෙන  හිටියා. එතකොට එයා  දැක්කා පුංචිම පුංචි සුරංනාවියක් . එයා දැක්කා  ඒ  සුරංගනාවියට  ලස්සන  තටු දෙකක් තිබුණා. ඉතින් එයාටත් හිතුණා පියාඹන්න.


               ඉතින් එයා  ඊලඟ  දවසේ කාටත් කළින් නැගිටලා උසම උස ඉනිමඟ  අරගෙන එයාලාගෙ ගෙදර වහලට ඉක්මනට නැගලා ඈත බැලුවා .


”හ්ම්, ඔය තියෙන්නෙ යස ර‍ඟට අහ් , ඔය තරම් කතා කර කර ඉන්න බෑ මොකද  ඒ හදිසියේවත් අම්මා හරි තාත්තා හරි අවදි වුණොත් “ එයා   එහෙම හිතුවා. 

ඊට පස්සසේ “ඔන්න හරි , එකයි........දෙකයි......තුනයි හායි හහ් හහ් මම පියාඹනවා “ 
දඩස්


“ දඩස්” 
“අම්මේ  මගෙ අත , අහ් අම්මත් එනවා ........ ,මං අම්මට මොකක් කියන්න ද?“   පුංචි සමනළීට ප්‍රශ්නයක් ,  


“හයියෝ දෙයියනේ ඔයා මොකක් කරන්න ගිහිල්ල ද  මේ දේ වුණේ “   


“අ .. අම්මේ මට පියාඹන්න ආස හිතුණා ඉතින් මම වහලට නැගලා පියාඹන්න  හැදුවා  එතකොට තමයි මම වැටුනේ” 


අම්මේ  මගෙ අත.......
“හා හා දැන් ඕව කියවලා වැඩක් නෑ, අදින් පස්සේ හරි ඔය වගේ අනුන් කරන  වැඩනම් කරන්න එපා” 
හා අම්මේ මම ........


“හා අම්මේ මම කවදාවත් ඒ වගේ  වැඩ නම් කරන්නේ නෑ” පුංචි සමනළී එහෙම කිව්වා .


ඊට පස්සේ එයා එහෙම හිතුවා “අම්මා කියපු දේත් හරි තමයි   මමත්  අදින් පස්සේ  අනුන් කරන  වැඩ  කරන්නේ   නම් නෑ “පුංචි සමනළී හිතුවා .


ලිව්වේ - දිනිති

2 comments:

  1. Podi kamata daga weda karanna gihin oin giya eka loku deyak .....

    ReplyDelete
  2. අනුන් කරන හැම වැඩක්ම අපිට කරන්න බෑ නේද. අපිට කරන්න පුලුවන්දේත් බැරිදේත් අපි තේරුම් ගන්න ඕන නේද?
    සමහර බබාල රුපවහිනියේ යන කතාවල එන වීර චරිත
    කරන්න ගිහින් අමාරුවේ වැටුන වෙලාවල් අපි අහලා තියෙනවා.
    ඒ නිසා අම්මා තාත්ත එපා කියන ඒවා චුටි බබාල කරන්නෙ නෑ නේද??

    ReplyDelete