2011/06/16

කෑම පිඟාන.....

 යාළුවනේ ,  අපි  අද මගුල්  ගෙදරක  ගියා.........
අපි ඒ අයත් එක්ක කථා කරලා  එළියට  ගියා  ටිකක්  නිදහසේ   ඉන්න කියලා . 


හරීම ලස්සනයි ....මුහුදු රැළ සද්දේ ...නංගී හිමීට මගෙන් අහනවා .... “අක්කී රැළ පාගන්න යමුද කියල අහන්නකෝ ......  “


 .......අම්මගේ staff එකේ ආන්ටිල ගොඩාක් ඉන්නවා ....චූටි බබාලත් ගොඩයි ....      






ඉතින් යාළුවනේ   අපි එළියේ ඉන්න කොට  සමහරු කෑම කනවා , තවත් සමහරු කථා  කරනවා .   ඒ අතරේ  වටපිට බලබලා   ඉන්න කොට  මම දැක්කා යාළුවනේ  සමහරුන්ගේ  කෑම පිඟන් ...“කඳු වගේ“ ,  තියෙන සේරම කෑම ජාති බෙදාගෙන .....එහෙම බෙදා ගත්තු කෑම සේරම  කාගන්න  බැරුව  ඉතුරු කරලා මේස උඩ ...අපරාදෙනේ ...කාටවත් කන්නත් නෑ .....




ඉතින් යාළුවනේ මට හිතුනා මෙහෙම කියන්න ...අපි කෑම කනකොට අපිට කන්න පුළුවන් තරමට , කන කෑම ජාති විතරක් බෙදා ගන්න ...කෑම නාස්ති කරන එක හරිම අපරාධයක් නේද යාළුවනේ ....කෑම ටිකක් නැතිව බඩගින්නේ ඉන්න යාළුවෝ කොයිතරම් ද  ......







                                                                    
                                                                     මෙන්න අද අපේ නංගිගේ කවිය ....




ලස්සන ලස්සන මලින් සැරසිලා....
ලස්සන ලස්සන ඇඳුම් ද ඇඳලා.....
සුවඳයි සුවඳයි කෑමත් පිරිළා ...
පුංචි අපේ සිත් සතුටින් පිරිලා....

3 comments:

  1. ඔව් චුට් දුවේ ....බඩේ ඉඩ තිබ්බ කියල ඕනවට වඩා කෑවොත්
    ලෙඩ වෙනව නේද. ඇගටත් අමාරු නේද. ඒ නිසා... ගානට කන්න ඕන.
    බොරුවට අරගෙන කෑම ඉතුරු කරන්න හොද නෑ තමා.
    ස්තුති ඔයාට!!!

    ReplyDelete
  2. බොහෝම පිං ...ප්‍රතිචාරයක් ලැබුණා කියල තාත්ත කීවම හරිම සතුටු හිතුණා...

    ReplyDelete
  3. චූටි දූ කාට උනත් ලස්සන පාඩමක් කියලා දීලා තියෙනවා. ඇත්තටම අපි කන්න ඕනේ ගානට. වැඩිය කන්න හොද නෑ. ලෙඩ වෙනවා.

    ReplyDelete