අද පොසොන් පෝය දවසයි , ඒ නිසා අපි අද ගියා ලොකූ ගමනක් . සීත සුළං කපාගෙන අපි ගියේ........ අකුරැස්ස වගේ සුන්දර ගම්මාන මැදින් .
ඒ යනකොට ................................
පෙනෙන තෙක් මානයේ විහිදී ඇති නිල්වන් කෙත් යායවල් මැදින් යන විට අපි ඉතා සතුටු වීමු . ඒ අතර ඉතා ලස්සනට පිල් විදහා ගෙන හිටියේ මොනරෙක් . “අන්න..අන්න ලස්සන මොනරෙක්................ “. මං ඉක්මනට චූටිටයි, අම්මිට යි තාත්තිටයි කිව්වා . තාත්ති , තාත්තිගෙ ජංගම දුරකථනයෙන් ඡායාරූපයක් ගත්තා. ......
තවත් ටික දුර යන කොට මෙන්න ලොකූ කඳු ...... ! බයහිතෙන තරමේ පල්ලම් ....! .
ඉතින් යාළුවනේ අපි බයිසිකලයෙන් ඒ වටේ තියෙන ලස්සන බල බලා යන කොට “විකසිත” පෙර පාසලේ පුංචිම පුංචි නංගිලා මල්ලිලා කට්ටියක් සව් දන්සලක් දෙනවා. අපි ඒ රසම රස සව් බීව්වා . ඒ වගේ දන්සල් නමයක්ද කොහෙද වැන්දා. ..සව් ..බෙලිමල්...බීම...බිස්කට්...නූඩ්ල්ස් ..කොත්තමල්ලි...බත් ඒවිතරක්ද හකුරු දන්සලකුත් වැන්දා (හකුරු කිව්වට...බෙලිමල් ...තාත්තයි අම්මයි බෙලිමල් බිව්වා...අපි දෙන්නා හකුරු කෑවා )
දන්සල් වැඳලා , ඒ අයට පිංදීලා ...අපි සතුටින් ගෙදර ආවා ...හැබැයි ගෙදර එනකොට “බණ්ඩිගෙඩිය ඉදිමිලා..........“
යාළුවනේ ඔයාලා දන්නවද ,
ලෝකයේ දන්සල් යනුවෙන් නොමිලේ ආහාර පාන ලබා දෙන්නේ ශ්‍රී ලංකාවේ පමණයි . එය ශ්‍රී ලංකාවේ අපට මහත් ආඩම්බරයක්
මෙන්න අපේ නංගි ..මිතිලිගෙන් කවියක් .....
දන්සල් දන්සල් හැමතැන දන්සල්.........
පොසොන් පෝය දවසේ.......
හැමදෙන සතුටින් දන්සල් වඳිනවා..............
පොසොන් පෝය දවසේ......
තෙතෙයි තෙයි.................................
පොසොන් පෝය දවසේ...........
ඔව් නේද ඒකත් ඇත්ත තමා.. ලෝකේ කොහෙවත් මමත් දන්න තරමින් දන්සල් දෙන්නේ නෑ තමා..
ReplyDeleteඔයා මේ දාලා තියන ෆොටෝ එක දැක්කාම මටත් ආසා හිතුනා බත් දන්සලකට යන්න:-) බලමු නේද ආය හම්බුනොත්
ඔයාගේ නංගිගේ කවියත් ලස්සනයි...
ගොඩාක් ස්තුතියි .....මට හරිම සතුටුයි නංගිත් හරිම සතුටින් ....
ReplyDelete