2011/06/15

පින්බර ...සුන්දර....දවසක්......

 අද පොසොන්  පෝය දවසයි      ,   ඒ  නිසා  අපි අද ගියා ලොකූ  ගමනක්  .  සීත සුළං    කපාගෙන  අපි ගියේ........ අකුරැස්ස වගේ  සුන්දර    ගම්මාන මැදින්   . 

ඒ යනකොට ................................                
පෙනෙන තෙක්  මානයේ විහිදී ඇති  නිල්වන්  කෙත් යායවල්   මැදින්  යන විට අපි ඉතා සතුටු  වීමු .  ඒ අතර    ඉතා ලස්සනට   පිල් විදහා   ගෙන හිටියේ මොනරෙක් . “අන්න..අන්න ලස්සන මොනරෙක්................  “. මං ඉක්මනට   චූටිටයි,   අම්මිට යි    තාත්තිටයි  කිව්වා .  තාත්ති , තාත්තිගෙ ජංගම දුරකථනයෙන් ඡායාරූපයක් ගත්තා. ......


තවත්  ටික දුර යන  කොට මෙන්න ලොකූ කඳු ...... !  බයහිතෙන තරමේ පල්ලම් ....! .   
ඉතින් යාළුවනේ අපි බයිසිකලයෙන්  ඒ  වටේ තියෙන  ලස්සන බල බලා යන ‍කොට  “විකසිත”  පෙර පාසලේ     පුංචිම පුංචි  නංගිලා මල්ලිලා  කට්ටියක්  සව්  දන්සලක්     දෙනවා.  අපි ඒ රසම රස  සව්  බීව්වා . ඒ වගේ  දන්සල් නමයක්ද  ‍කොහෙද  වැන්දා. ..සව් ..බෙලිමල්...බීම...බිස්කට්...නූඩ්ල්ස් ..කොත්තමල්ලි...බත් ඒවිතරක්ද හකුරු දන්සලකුත් වැන්දා (හකුරු කිව්වට...බෙලිමල් ...තාත්තයි අම්මයි බෙලිමල් බිව්වා...අපි දෙන්නා හකුරු කෑවා )

දන්සල් වැඳලා , ඒ අයට පිංදීලා ...අපි සතුටින් ගෙදර ආවා ...හැබැයි ගෙදර එනකොට “බණ්ඩිගෙඩිය ඉදිමිලා..........“
යාළුවනේ ඔයාලා දන්නවද , 


ලෝකයේ   දන්සල්  යනුවෙන්  නොමිලේ   ආහාර පාන  ලබා දෙන්නේ  ශ්‍රී ලංකා‍වේ පමණයි . එය ශ්‍රී  ලංකා‍වේ අපට මහත්  ආඩම්බරයක්






මෙන්න අපේ නංගි ..මිතිලිගෙන් කවියක් .....
දන්සල්  දන්සල්  හැමතැන දන්සල්‍‍.........
පොසොන් පෝය දවසේ.......
හැමදෙන  සතුටින්  දන්සල්  වඳිනවා.............. 
පො‍සොන්   පෝය දවසේ......
තෙතෙයි  තෙයි.................................
පොසොන් පෝය දවසේ...........






2 comments:

  1. ඔව් නේද ඒකත් ඇත්ත තමා.. ලෝකේ කොහෙවත් මමත් දන්න තරමින් දන්සල් දෙන්නේ නෑ තමා..
    ඔයා මේ දාලා තියන ෆොටෝ එක දැක්කාම මටත් ආසා හිතුනා බත් දන්සලකට යන්න:-) බලමු නේද ආය හම්බුනොත්

    ඔයාගේ නංගිගේ කවියත් ලස්සනයි...

    ReplyDelete
  2. ගොඩාක් ස්තුතියි .....මට හරිම සතුටුයි නංගිත් හරිම සතුටින් ....

    ReplyDelete