2011/06/17

අපි දෙන්නගේ කවි ...

කුරුළු බබාලා...

අඹ ගහ මුදුනේ ...
චූටි කූඩුවේ ඉන්නා
කුරුළු  බබාලා...
බඩගිනි  වීලා....
කටවල්  ඇරගෙන..
අම්මා එනතුරු ...
මේ ඉන්නේ..............

                                                   කවිය ලිව්වේ - මිතිලි


                                                 වැස්සේ අරුමය ...
වැස්ස සීතලයි............
හරිම  සුන්දරයි..........
ගස් වැල් කොළ සිලි සිලියේ.......
සිංදු කියනවා......
පුංචි මලුත් විකසිත වී..........
නැටුම් න‍ටනවා.........
කුරුලු පැටව් කිචි බිචි ගා ......
වැස්සේ     නටනවා.........
පුංචි අපිත් හරි සතුටින්........
වැස්‍සෙ නටනවා..........
                                                                       කවිය ලිව්වේ - දිනිති 

5 comments:

  1. කුරුලු බබාලත් අපි වගේ නේද අම්ම තාත්ත එනකම්
    බලාගන ඉන්නවා.මොනාද අද කන්න ගෙන්නෙ කියල හිත හිතා ඈති නෙද ..හ්ම්.. ඔයාලත් එහෙමනේ නේද??
    ලස්සන පින්තූරෙකුත් දාල. ස්තුති..

    වැස්ස කවියත් ලස්සනයි. වැස්සෙ නටනකොට හරි ආසයි නේ. ඉස්සර මාත් ඔහොම තමා...

    ReplyDelete
  2. ගොඩාක් ස්තුතියි....පුංචි අපේ උත්සාහයට උදව්වෙනවාට....තව තව ලියන්න ආස හිතෙනවා දැන්

    ReplyDelete
  3. දුව පුතා දෙන්නාම ලියන්ට . මා බලන්නම්කෝ. පුංචි ඔයාලගේ
    සිතුම් දැන ගන්න අපිට පුලුවන් වෙන්නෙ එතකොටනේ නේද?
    එතකොට ඔයාලටත් තාත්තට වගේ ලස්සනට ලියන්න පුලුවන් වේවි. තාත්තාගෙ ලිපිනම් මම මගේ පිට රට ඉන්න යාලුවන්ටත් යෑව්වා. දැන් එයාලත් බලනව එත් එයාල සටහන්
    තබන්නෙ නෑ. අපිට වගේ නෙමේ ඒ රටවල හරියට වැඩනෙ .
    කාල වේලා මදි.
    ... ඉතින් දැන් වාර විභාගත් ලග නේද? හොදට පාඩම් කරන්න.
    සුබ දවසක්!!!

    ReplyDelete
  4. ඔව්...තව ලියනවා...පාඩම් කරලා ඉවල වෙලා තමයි කවි ලියන්නේ ...අපි දෙන්න පන්ති යන්නෙත් නැහැනේ ...ගොඩාක් වෙලාව තියෙනවා ...අපිට සෙල්ලම් කරන්න..

    ReplyDelete
  5. මේං අක්කා නගෝ දෙන්නම එකපාරම කවි දෙකක් ලියලා. ලස්සනයි ඔයාලෑ කවි ටික.

    ReplyDelete