අසරයි..මායි මේ කන්ද නඟින්න ඉස්සර වෙලා... |
අපි පෙරේදා ගියා මගේ හොඳම යහළුවා වන අසරාගේ ගෙදර ගියා .අහ්! අසරාගේ ගෙදර කිව්වාට එයාගේම ගෙදර නෙමෙයි එයාගේ අම්මාගෙයි තාත්තාගෙයි ගෙදර . හුඟ දවසක් ඉඳන් එන්න කිව්වත් එදා තමයි යන්න උනේ.
අපි ටිකක් ඇවිද්දා, අපේ නංගි බ්ලැකීට බයේ |
ඔන්න ගිය ගමන්ම අපට තේ පළිගැන් වූවා . ඊට පස්සේ අපි දෙන්නා අසරයි .අසරගේ මල්ලියි , අසරගේ නංගියි එක්ක එයාලා ගේ ලොකූ වත්ත බලන්න ගියා . වෙරළු , කොස් , ගං දෙල් , කජු වගේ හැම ගසක්ම ඒ වත්තේ තිබුණා. ලොකු කුඳු , තැනිතලා , එතකොට තව ලස්සන , ලස්සන තැන් තිබුණා.
මේ තමයි බ්ලැකී |
ඔන්න අපි කේක් කාළ ,තේ බීලා , ඊට පස්සේ අපි අසරාලගේ උඩහ ගෙදර තියෙන කන්දත් නැග්ගා, දන්නවද අපිත් එක්ක තව යාළුවෙක් එකතු වෙලා හිටිය ඒ බ්ලැකි කියන හුරතලා .
අපි කැළයක් මැදින් ගියා |
ඊට පස්සේ ආයෙත් එයාලාගෙ අම්මි එක්ක අපේ අම්මයි තාත්තයි අපි දෙන්න යි අසරාගේ මල්ලියි නංගියි අසරයි අපි උක්කෝම ඒ කන්ද නැග්ගා .ඊට පස්සේ අසරා , මාවයි අපේ චූටියි(ඒත් අපේ චූටි බ්ලැකීට බයයි කියල ආයෙත් අම්ම ගාවට ගියා) එයාගේ මල්ලියි නංගියි අපේ තාත්තියි එක්ක ඉතා කුඩා පටු පාරකින් අපිව කොහේදෝ එක්කගෙන ගියා අන්නාසි පඳුරු වෙනත් ගස් පහු කරගෙන කැළයක් මැදින් ලස්සන ගල් පර්වතයක් ළඟට. ඒක මගේ සිත ඇද ගත්තුම තැනක් වුනා .
ඔන්න අපි ගල් තලාවට ආවා.. |
වටේම කැළේ , කුරුල්ලො ගොඩයි , අනික ගොඩක් ඈත හරිම ලස්සනට පෙනුනා. අපි ගල උඩ පැය දෙකක් විතර හිටියා . මල්ලි අපේ ෆොටෝ ගත්තා , අපි හැංගිමුත්තං කළා . අපිත් එක්ක සෙල්ලම් කරන්න බ්ලැකිත් හිටියා.
මෙන්න අපේ ඔක්කොට , මම නෑ ඔතන |
ගල් තලාවේ සෙල්ලම් කර කර ඉඳලා ආයේ කන්දට යනකොට අපි කිව්වා බෑ කියලා .ඒ වුනත් යන්න එපායැ . ඒ නිසා අපි ආයෙත් කන්ද බැහැල , අසරලාගේ ගෙදරට ගියා . ඒ යනකොට බුලැකි බුරමින් හිටියා . අනේ බලන්න පුංචිම පුංචි ලේන් පැටියෙක් ගේ ඇතුලට වැටිලා ගුලි ගැහිලා බයේ ගැහෙනවා !
එයාලාගෙ අම්ම ඒ ලෙන් පැටියාව අතට ගත්තා එලියට දාන්න හිතාගෙන . අනේ අසරාගේ අම්මාගේ අත කෑවා! කොහොම හරි ඌව එලියෙ ගහකින් පරිස්සමට තියපු අසරගේ අම්මා අත සබන් දාලා හේදුවා .
අපි ඔක්කොම හැබැයි මම නෑනේ .. |
ඊට පස්සේ අපට කෑමට එන්න කිව්වා . අපි රෑට කෑම කෑවා . අසරලා දැන් පන්සල් යන්න හදනවා . ඒ නිසා අපිත් ටිකක් කතා කරලා . සොඳුරැ මතකයක් සිතේ රඳවාගෙන අපි හරි සතුටුන් ගෙදර ගියා . ගෙදර ගියා කිව්වට අපිත් ආව බටගන්විල බෝධියට .
ඉස්කෝල නිවාඩු කාලෙ මෙයලා ගමන් යනව වගේ.
ReplyDeleteනදී නැන්දේ .
ReplyDeleteඔව් දැන් නිවාඩු කාළෙ හින්ද නෑ ඉස්කෝලේ , පන්ති යන්නෙත් නෑනේ , ඉතිං ගොඩාක් වෙලාව තියෙනවා අපිට සෙල්ලම් කරන්න.
ස්තුතියි නැන්දේ
අපෙ ලමා කාලය සිහිපත් වෙනවා.. හරිම සතුටුයි අපිටත් ...
ReplyDeleteගිම්හානි නැන්දේ ,
ReplyDeleteමං බලාගෙන හිටියේ නැන්ද එනකං , අපි අද හවසට අර පොත “හපනා“ ගන්න යනවා ඒක කියවල කොහොමද කියල කියන්නං
ගොඩාක් ස්තුතියි නැන්දේ .
අනේ ඇත්තද. හරි සතුටුයි. බලලා කියන්නකො. පොත අතට ගත්තම එක හුස්මට කියවන්න හිතෙන්නෙ. එතරම් රසවත් විදියට ලියලා තියෙන්නේ...
ReplyDeleteමම තාමත් ඒ පොත් කියවනවා....
නියම ගමනක් නේ !!!
ReplyDeleteදන් ඉතින් නිවාඩු කාලේ නේ දූලා ගමන් බිමන් යනවා ඇති නේ.
Gimhani නැන්දේ,
ReplyDeleteබොහොම ස්තුතියි.
මධුරංග මාමේ ,
ReplyDeleteහ්ම් නිවාඩු කාළේ නිසා ඇවිදිනවා , සෙල්ලම් කරනවා , පාඩනුත් කරනවා.
ගොඩාක් ස්තුතියි මාමේ.
ඔයාලගේ ගමන් විස්තරය කියවුවා.ඔයාල හොඳ නිවාඩු කාලයක් ගතකරනවා වගේ.මමනම් අර ලස්සන බල්ලට හරිම කැමතියි.මගෙත් කුඩා කාලය මතක් වෙනවා.ලොකු කමට කියනවා කියල හිතන්න එපා අපිට තරමක් ලොකු වත්තක් තියෙනවා.අපේ වත්ත කෙළවර වෙන්නේ රක්ෂිත වනාන්තරයෙකින්.මගේ කුඩා කාලයේදී මල්ලිලා දෙන්නත් එක්ක මේ කැලේ හැමතැනම අපි ඇවිදිනවා මේ කැලේ විශාල පුස් වැල් තියෙනවා මේ වැල්වල එල්ලිලා අපි tarzan කතාවේ වගේ එහාට මෙහාට යනවා.උස ගල්වලට නගිනවා මේවා අනතුරු දායක දේවල් කියල ඒකාලේ අපිට හිතුනේ නැහැ.අපේ අම්මා තාත්ත රැකියාවට ගියාම තමා අපි මේ වගේ දේවල් කළේ. එත් එක්කම කියන්න ඕන මේ හැමතැනම අපේ බලු රාලත් අපි එක්කරගෙන ගිය විත්තිය.මීට වසර 25 කට කලින් සිදු වුන දේවල් ගැන මම කිවේ.දැන් අපි ලොකු මිනිස්සු.ඒකාලේ කල දඟ වැඩ දැන් කරන්න අපිට බැහැ.අපේ වත්තත් අර රක්ෂිත වනාන්තරයත් තවම තියෙනවා.දැන් අපේ තාත්තා ජීවතුන් අතර නැහැ.අම්මත් දැන් වයස් ගතවෙලා.ඒකාලේ අපිත් එක්ක සෙල්ලම් කල බල්ලාත් බොහොම කාලෙකට පෙර මියගිහින්.එත් මේ හැමදේම අපිට තවම හොඳට මතක තියෙනවා
ReplyDeleteAnonymous,
ReplyDeleteහරි ආසයි ඒ කතාව අහගෙන ඉන්න කොට , අනේ අපිට නැහැනේ ඒ වගේ තැනක් , අපේ ගේ වටේට කොන්ක්‍රීට් , ගහක් ඇත්තෙම නැහැ ,ටිකක් හරි සතුටු අපේ කුරුළු තැටියට එන කුරුල්ලෝ ටික නිසා ,
ගොඩාක් ස්තුතියි
ලොකු වතු නෑ කියල දුක්වෙන්න එප දුවේ. ඔයාලගේ අම්මායි තාත්තයි ඔයාලව හැම තැනම එක්කන් යනවනේ..ඔයාල දන්නවද ලොකු වතු තිබුනට හැමෝම මේ සුන්දරත්වයට ආස නෑ.තණකොල ටිකක් පැගෙන්න යන්නෙ නැත්නම් ලොකු වතු තිබුනට වැඩක් නෑ..මේ සොබාදමට ප්‍රිය වෙන්නත් වාසනා ගුණයක් තියෙන්න ඕන.
ReplyDeleteශා නියම ගමනක් නෙ ගිහින් තියෙන්නෙ. නිවාඩු කාලෙ නිසා දැන් ඉතින් ඕන තරම් ඇවිදින්න පුලුවන් නේද?
ReplyDeleteශෝක් ගමනක්නේ පුතාලා ගිහින් තියෙන්නේ...නැන්දත් ගමන් බිමන් යන්න ආසයි..ඒත් දැන් වෙලාව ගොඩක් අඩුයි පුතේ..ඔයාලගේ අම්මලට ස්තූති කරන්න ඕනා ඔයාලට ජීවිතේ විදින්න උදව් කරනවට...යන එන තැන් වල පරිස්සමින් මගේ පුතාලා..
ReplyDeleteගිම්හානි නැන්දේ ,
ReplyDeleteඔව් අපි හැමදාම වගේ ඇවිදින්න යනව , යන්නෙත් හරිම ලස්සන තැන් වලට , ඒ නිසා කිසි අඩුවක් නෑ. අපි දැනටමත් සිංහරාජය , කළමැටිය , හෝටන්තැන්න වගේ ලස්සන තැන් වලටත් ගිහින් තියෙනවා , ඒ වුනා අපි මේ ගිය කැළේ ඊට වඩා ලස්සනයි මට හිතෙනවා,
ගොඩාක් ස්තුතියි නැන්දේ ..
කසුන් මාමේ ,
ReplyDeleteඔව් දැන් ඉතින් සෙල්ලම් ගෙවල් දානවා , සාරි අඳිනවා .ඇවිදිනවා ,හරිම සතුටුයි.
ගොඩාක් ස්තුතියි
අසනි නැන්දේ ,
ReplyDeleteබොහොම ස්තුතියි නැන්දේ අපිව දිරි ගන්වනවාට , අපි ඇවිදින්නත් ආසයි , දැන්නම් බ්ලොග් එකට ලියන්නත් ආසයි .
ස්තුතියි
කොච්චර හොදද පුතේ ඒක..දිගටම මගේ පුතාලා ලියන්න..නැන්දගේ ඇස් පේනකන් බලන්න එනවා..
ReplyDeleteඅසනි නැන්දේ ,
ReplyDeleteඔව් නැන්දේ , අපි ලියනවා , අපි ලියන දේ වල් කියවලා දක්වන අදහස් කියවන්න ආසාවෙන් බලාගෙන ඉන්නවා ගොඩාක් ස්තුතියි
ආදරණීය දරුවනේ,මගේ ප්‍රතිචාරයේ ලොකු වත්තක් ගැන සදහන් කලේ මගේ අහන්කරකමකට නම් නෙවේ.මගේ කුඩා වියේදී ලැබූ නිදහස ගැන ඔයාලට කියන්න ඕන වුන නිසයි.ඒවගේම අපේ ළමා වයසේදී අපිට ඈත දුර ගමන් යන්න ලැබුනේ නැහැ.ඒකටත් හේතු තිබුනා ලොකුම හේතුව වුනේ අපේ පියා අකාලේ බරපතල හර්ධ රෝගියෙක් වීම නිසයි.ඉතින් ඔයාලට වගේ අපිට විනෝද ගමන් යන්න ලැබුනේ නැහැ.අපිට තිබුණ ලොකුම විනෝද ගමන ගැන තමා මම ඔයාලට කිවේ.අපි පරිසරයට ඇති තරම් ආදරය කලා. අපි පොඩි ළමයි වුනත් කලින් කිව රක්ෂිත කැලයේ ගස් කපන්න අපි කාටවත් ඉඩ දුන්නේ නැහැ.පසු කලෙකදී මම තෝරගත්තු රැකියාවට අනුවත් මට කාලය ගත කරන්න වුනේ මහා වනන්තරවලයි.ඒ ගැන ලියන්න ලොකු පොතක් ඕන වේවි.අවසානයේදී මගේ රැකියාවේදී සිදු වූ අනතුරක් නිසා මට සදහටම ඇවිදීමට තිබුණ හැකියාව නැති වුන බවත් ඔයාලට කියන්න ඕනේ.දැන් මට අර වත්තට වත් කැලෑවට වත් යන්න බැහැ.එත් මගේ තිබුණ පරිසරයට ඇති ආදරය නම් නැති වුනේ නැහැ.දැන් මම ලොකු මල් පෝච්චි වල කැලෑවල හැදෙන ගස් හිටවල ඒවාට සාත්තු කරමින් ඉන්නවා.බදුන් වල සිටුවල තියෙන ගස් ලග ඉන්න විට මම ඉස්සර කැලෑවකදී ලැබූ සතුට ලැබෙනවා.
ReplyDeleteAnonymous , නැන්දේ / මාමේ ...
ReplyDeleteඔව් අපිත් හරිම ආදරෙයි ගස් වලට , කැළෑවලට සත්තුන්ට . අපි ට්‍රිප් යන්නෙත් ඒවටම තමයි .
අනේ ඇවිදින්න බැහැ කිව්වේ මොකක්ද වෙලා තියෙන්නේ , හරිම දුකයි ඒ ගැන . කොහොම වුනත් අදිව දිරිමත් කරන මාමාල නැන්දල හැමෝටම අපි හරි ආදරෙයි , මොකද ඒ දිරි ගැන්විම නිසා තව ලියන්න ආස හිතෙනවා.
ස්තුතියි
ඔන්න දුවේ මමත් අද ඔයාලගේ පිටුවට අවා.. පුංචි කලේ වගේම තවමත් මම ඔයවගේ කැලෑ වලට ආසයි. ගහකට නැගල ඉදගෙන ඒ ගහේ ගෙඩියක් කන්න.. ඔයාල ගියා වගේ ලස්සන ගල් තලාවක ටිකක් නිදහසේ ඇලවිලා ඉන්න, දොලකට පැනල නාන්න මට හරිම ආසයි. අදනම් මට ඒ වගේ දෙයක් කරන්න බෑ. මොකද දුවේ අද මම ඉන්නේ ලංකාවට ගොඩක් ඇත කාන්තාරේ. ඔයාල හරි වාසනාවන්තයි. ඔය කාලේ හොදට විනෝදෙන් ඉන්න. මොකද අයෙත් ඔය කාලේ එන්නේ නෑනේ.
ReplyDeleteහොඳ ට්‍ර්ප් එකක් ගිහිං වගේ ..........
ReplyDeleteපාඩම් වැඩත් කරන්න ඕන හොඳේ .....
asa hithenna liyala thiyenava.
ReplyDelete