පුංචි මල්ලි ඔයා මොකද
අම්ම නැතිද ...තාත්ත නැතිද
පුංචි මල්ලියේ....
ඔබ දැක්කම හිතට දුකයි
පුංචි මල්ලියේ ......
නෙතේ කඳුළු සඟවා ගමි
පුංචි මල්ලියේ.......
මා ලොකු වූ යම් දිනයක
හෙට අනාගතේ ....
ඔයා වගේ ළමයින් හට
උදව් කරන්නේ...........
කවිය- දිනිති අක්කගේ ...
චූටි දූගේ ලස්සන කවියක්. එයාලා ගොඩක් දුප්පත්. එයාලට උදව් කරන්න කවුරුත් නෑ. ඒකයි එයා බිම තියෙන බත් කන්නේ.
ReplyDeleteලස්සන කවියක් නංගියෝ. ඔයා හොඳට ඉගෙනගෙන ලොකු නෝන කෙනෙක් වෙලා ඒ වගේ අයට උදව් කරන්න.
ReplyDeleteලස්සනයි
ReplyDeleteමේ වගේ හොඳ අදහස් හැමදාම හිතේ තියාගන්න.
ReplyDeleteඅපිව දිරිමත් කරන ඔබ සැමටම අපේ ස්තුතියි පුදන්නේ ගොඩාක් ආදරෙන්
ReplyDeleteබොරු කියන්න ඕනෙ නෑ ඇස් වලට කදුලු ආවා... ඕක හිතේ තියාගන්න...
ReplyDeleteඅපිව දිරිමත් කරන ඔබ සැමටම අපේ ස්තුතියි පුදන්නේ ගොඩාක් ආදරෙන්
ReplyDeleteහොද අදහසක් නැති අයට උදව් කරන එක.
ReplyDeleteකුනු බක්කි අව්ව්සලා කන දරුවෝ කොච්චර ඉන්නවද?
බඩ ගින්නේ ඉන්න කෙනෙක්ට කන්න ටිකක් දෙන එක ලොකු පිනක්.
ඒවගේම අපි පුරුදු වෙන්න ඕන කෑම නාස්ති නොකරන්නත්.
ගොඩාක් ස්තුතියි නැන්දේ
ReplyDeleteහරිම අර්ථවත් කවියක් දූවේ.මේ ලෝකේ හොඳ තැනක් කරන්න, අසරණයින්ට උදව් කරන්න දැන්ම ඉඳන් හොඳ සිතුවිලි ගුණධර්ම ඉගෙන ගන්නා හොඳ අදහස් තියෙන ඔබලා වගේ දරුවන්ට හැකිවේවි. ඔයාලා දෙන්නගේ මේ නිර්මාණ අපි හරිම ආසාවෙන් කියවන්නේ. ඔබේ පියාගේ අඩවීයෙන් මෙහී පැමිණියේ.
ReplyDeleteඅපිව දිරිමත් කරන ඔබ සැමටම අපේ ස්තුතියි පුදන්නේ ගොඩාක් ආදරෙන්
ReplyDeleteහරිම ලස්සනයි පුංචි පැටවුනේ. අද තමයි මේ පැත්තට පළවෙනියට ආවේ.. ඔය දෙන්නටම තවත් ගොඩාක් ලස්සන නිර්මාන කරන්න හැකියාව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා මම..
ReplyDeleteලස්සනයි චූටි දූ .......
ReplyDeleteඅපිව දිරිමත් කරන මාමාල , නැන්දල ,අයියල , අක්කල හමෝටම ගොඩාක් පිං
ReplyDeleteමම නම් හොදට දන්නවා මගේ නංගිලාට පුලුවන් යම් දවසක මෙයාලට උදවු කරන්න. ගහේ කටු උල් කරන්න ඕනා නැහැ කියලා නංගිලා අහලා තියනවා නේද ඒ වගේ මගේ නංගිලත් අපේ ගුරැ පියාණන් වගේම හොද හිත තියන කෙනෙක් වේවි.
ReplyDeleteනදීශා අක්කේ , ගොඩාක් ස්තුතියි පැමිණියාට,
ReplyDeleteදුවේ මෙහෙම ළමයි ඕනතරම් ඉන්න අපේ රටේ එක එක ළමයාට උදව් කරන්න අපට බෑ..
ReplyDeleteඅපි මෙහෙම කරමු.. අපි හොඳට ඉගෙනගෙන මේ රටේ ඉහලම තැනකට ඇවිත් අපේ රටේ දුප්පත්කම නැතිකරමු. එතකොට අපේ බලාපොරොත්තුව ඉස්ටවේවී නිකන්ම... මහන්සිවෙලා හොඳට ඉගෙනගමු..
nice poem and its very sad
ReplyDelete