ඔන්න යාළුවනේ , එක රටක එක ගෙදරක අම්මයි තාත්තයි නැති පුංචි ළමයෙක් හිටියා . එයාගේ නම සේමාලි .. එයා හිටියේ කුඩම්මත් එක්ක . එක සුන්දර උදෑසනක එයා දේදුනු කුමරිගේ පොතක් කියවමින් හිටියා. පුංචි සේමාලි දේදුනු කුමාරිගේ පොත කියවමින් ඉන්න අතරේ හිත හිතා හිටියේ දේදුනු කුමාරි වෙන්නේ කොහොමද කියලා .
ඒ සොඳුරු උදෑසනේ යාන්තම් ඉර පායා තිබියදීම පුංචි හිරි පොද වැස්සක් නිසා පුංචි දේදුන්නක් පායලා තිබුණා . එයා දැක්කා ඒ කුඩා දේදුන්න එයාගේ ළඟට එනවා . ඒ දේදුන්න සේමාලි ගේ ලඟටම ආවහම එයාට පුංචි වෙනසක් දැනුනා .
එයාට පෙනුනේ දේදුන්නේ පාට විතරයි . ඒ පාට නැති වුණාට පස්සේ සේමාලි එයාගේ ඇඟ දිහා බැලුවා . එතකොට එයා දැක්කේ එයාගේ ඇඟේ දේදුන්නේ පාට ගවුමකින් සැරසිලා තියෙනවා .
සේමාලිට එයාගේ පිටට අමුත්තක් දැනුනා . එයා පිටි පස්ස හැරිලා බලන කොට තමයි එයා දැක්කේ එයාට ලස්සන පිහාටු දෙකක් තියෙනවා . ඉතින් එයා ඒවා හොලවලා බැවුවා . එතකොට එයා ටිකෙන් ටික උඩට ගියා . සේමාලි එහෙම ගිහිල්ලා අහස උඩටම ගියා.
සේමාලි සීත වලාකුළු කපා ගෙන අහස උඩටම ගියා. උඩට ගියාම එයා දැක්කා ලස්සන මාලිගාවක් . ඉතින් එයා ඒ මාලිගාව ඇතුලටම ගියා . එයා එනවා කියලා දැනගෙන වගේ එයාව ම පිලිගන්න එහේ ලොකු උත්සවයක් පැවැත් වුණා . එයා ඒ උත්සවයෙන් පස්සේ එහෙ සතුටින් ජීවත් වුණා .
කතාව ලිව්වේ - දිනිති
ගොඩක් ලස්සන කතාවක් දූ. මට ඉස්සරම කාලේ අපේ අම්මා ගෙනත් දීපු කඩමාලි කියලා පොතක් මතක් උනා. ඒක නම් සුරංගනා කතාවක් නෙමේ.
ReplyDeleteගොඩාක් ස්තුතියි මධුරංග අයියේ අපේ බ්ලොග් එක කියවනවාටත් අපිව දිරි ගන්වනවාටත් ..ඔව් අපිට තව තවත් ලියන්න ආසයි ...
ReplyDeleteදේදුනු කුමාරි .. අමතක කරන්නේ නෑ නේද අම්ම තාත්ත
ReplyDeleteනැති ඔයාව බලගත්ත කුඩම්මාව
ඔව් එහෙම තමයි නැන්දේ
ReplyDeleteහරිම ලස්සනයි දුවේ කතාව. ඔයාගෙයි නංගිගෙයි දක්ෂකම් අපි ආදරෙන් ආසාවෙන් කියවනවා. ස්තූතියි.
ReplyDelete