රතුපාට හඳ මාමා |
හඳට එළිය ලැබෙන්නේ ඉරෙන් . ඉතින් ඒ ඉර නැති වුණාම හඳට එළියක් නෑනේ . ඒක වෙන්නේ හඳට ඉර එළිය ලැබෙන වේලාවේ එතනට අපේ පෘථිවිය ඇවිත් අපේ පොළොවේ හෙවනැල්ල හඳට වැටුනාම. ඒ කියන්නේ මෙන්න මේ වගේ දෙයක් . හද , පෘථිවිය ,ඉර මේ පිළිවෙලට එක ඉරකට වගේ පිහිටියාම ප්‍රථවියෙන් ඉර වැහෙනවා . එතකොට හඳට ඉර එළිය ලැබෙන්නේ නෑ .
ඔයාලාට මතක ඇති මේ ළඟකදී මේ වගේ චන්ද්‍ර ග්‍රහනයක්වුණා . මේක තමයිලු 2011 වර්ෂයේ ප්‍රථම චන්ද්‍ර ග්‍රහණය කියලා විද්‍යාඥයන් කියනවා . මේක වෙලා තියෙන්නේ වර්ෂ ගණනාවකට පස්සේ ලු . ඔයාලා දන්නවාද? අපට මේ වගේ චන්ද්‍ර ග්‍රහනයක් නැවත දැකගන්න පුළුවන් වෙන්නේ 2018 ජනවාරි 31 ලු . ඔයාලා දන්නවද? මේ චන්ද්‍ර ග්‍රහණය පටන් අරගත්තේ අපේ වේලාවෙන් රෑ එකොළහ දොළහ අතරේදි , මේක විනාඩි සියයක කාළයක් පැවැත් වුණා. අපි නම් ඒ වෙලාවෙ චන්ද්‍ර ග්‍රහණෙ බැළුවා , හැබැයි නිදි මතේම තමයි බැළුවේ .තාත්ත නම් ඒක වීඩියෝ කරල පස්සෙන්දා අපට පෙන්නුවා .
මේ චන්ද්‍ර ග්‍රහනය අපේ රටට විතරක් නෙවෙයි තවත් සමහර රටවල් වලටත් මේක පෙනිලා තියෙනවා . ඒ රටවල් අතරින් ඕස්ට්‍රේලියාව වගේ රටවලට හඳ පෙනිලා තියෙන්නේ ලේ පාටටයි . හරි පුදුමයි නේද? යාළුවනේ . මේකට මොකක් හරි හේතුවක් තියෙන්නම එපායැ . මේකට හේතු වශයෙන් අපේ රටේ විද්‍යාඥයන් කියන්නේ විලී රටේ ඇන්ඩීස් කඳුකරයේ පුහේයු ගිනි කන්ද පුපුරා යන්න පටන් අරගෙන තිබුන නිසා මේකෙන් පිටවෙන දුම් වළාවෙන් අහස වැහිලලු තිබුණේ . ඒක නිසා එයාලට හඳ රතු වෙලා පෙනිලා තියෙන්නේ . හරි පුදුම වැඩක්නේ වෙලා තියෙන්නේ . මේ පුපුරා යාම සිදුවෙමින් පවතින්නේ චිලී රටේ . ඒත් ඊට කිලෝමීටර ගණනාවකින් දුර තියෙන ඕස්ට්‍රේලියාවට සහ නවසීලන්තයටත් මේ දුම් වළාව පැතිරිලා ගිහිල්ලාලු . ඒක නිසා ඕස්ට්‍රේලියාවේ සහ නවසීලන්තයේත් ගුවන් ගමන් නතර කරලාලු . එහෙට හඳ රතුවට කිව්වට තඹ රන් පැහැයටලු පෙනිලා තියෙන්නේ . ඒකත් හරි පුදුම වැඩක් , අපේ හඳමාමා කළුවරේ හිටිය හැටි නේද යාළුවනේ ? .
විජය පත්තරේ කියවත්දි ලැබුණු ලිපියකින් මම ගොඩාක් මේ ගැන කියෙව්වා , ඉතින් ඒ දේවල් ඔයාලටත් කියන්න හිතුනා .
එහෙමනම් මම යනවා , හෙටත් එනවා ඔයාලට මොනවා හරි අරගෙන .
ලිව්වේ - දිනිති
දක්ෂයි මගේ නංගිලා දෙන්නම සුබපතනවා ඔයාලාට. තාත්ති වගෙම වෙන්න
ReplyDeleteමමත් එකම එකපාරක් පූර්ණ චන්ද්‍රග්‍රහනයක් දැකලා තියෙනවා. ඔය චුටි දූලත් දැකලා තියෙනවද ?
ReplyDeleteචන්ද්‍රග්‍රහණයක් බලන්න නම් කන්නාඩි ඕනේ නෑ. ඒත් සූර්යග්‍රහණයක් බලන්න අනිවාර්යෙන්ම කන්නාඩි දාන්න අමතක කරන්න එපා. හොදද දූ !!!!
2011 දෙසැම්බර් 10 අද තමයි මේ අවුරුද්දේ අවසාන පූර්ණ චන්ද්‍රග්‍රහනය
ReplyDelete