|
මේ මගේ පන්තියේ ඔක්කොම යාළුවෝ |
යාළුවනේ ඔන්න මම ආයෙත් සතියකට පස්සේ මේ ලිපියක් ලියනවා , මේ ලිපිය ලියන්නේ හරිම සතුටින් , මොකද තවම අපි කැනඩාවට ඇවිත් මාසයයිනේ , ඒත් මට පුළුවන් වුනා මගේ පන්තියේ යාළුවෝ , ටීචර්ස්ලා ඔක්කොම ඉස්සරහ ලස්සනට Science Presentation එකක් කරන්න. මගේ පන්තියේ ලංකාවේ යාළුවෝ කවුරුවත් නැහැ, ඉතින් ඒ නිසා ලංකාව ගැනත් , ඒ සත්තු , වනාන්තර , ලස්සන ගැනත් ටිකක් මම කිව්ව. එයාල කිසි කෙනෙක් ලංකාවට ඇවිත් නැහැ. ඉන්දියාවේ යාළුවෝනම් ලංකාව ගැන ටිකක් දැන ගෙන හිටියා.
මම කළේ මුවා ගැන වැඩසටහනක් ,මුවා food chain එකට සම්බන්ධ වෙන හැටි , මුව වර්ග , ලෝකේ පුරා පැතිරිලා ඉන්න විදිය , ඒයාලගේ තියෙන විශේෂ හැකියාවන් Adaptations , Habitat . ඔය වගේ ගොඩක් දේවල් ගැන ඉදිරිපත් කළා. එයාලට හරිම පුදුමයි. අපේ ටීචර් Mrs. Slunwhite , Science Teacher Mrs.Thomas වගේම මගේ යාළුවෝ හැමෝමත් මට ගොඩාක් හොඳයි කිව්වා, අපේ ටීචර් කියනවා අපිට පුළුවන් වුනාට එයාලගේ භාෂාව ඉගෙන ගන්න , සිංහල කතා කරන්න ටීචර්ට හිතාගන්නවත් බැහැලු. ඉතින් ලංකාවේ අපි හොඳයි නේද ?
|
මේ මායි නංගියි හදපු Diorama එක |
ඒ Presentation එක කරන්නට මම , නංගිත් එක්ක එකතු වෙලා හදපු Diorama එකත් ප්රයෝජනයට ගත්ත , ඒ ගැනත් යාළුවන්ට පුදුමයි. මොකද එයාල ඒකට ඕන කරන සත්තු ඔක්කොම කඩෙන් අරගෙන මම නම් clay වලින් හැදුවා. මට නම් ඒක හරි ලස්සනයි.
ඉතින් යාළුවනේ මෙන්න මේ link එකට ගිහින් මගේ Presentation එක බලන්න පුළුවන් , හැබැයි ඒකනම් ටික වෙලාවකට කෙටි කරල තමයි හදල තියෙන්නේ , ඉස්කෝලෙදි නම් පැයක් විතර ගියා මේක කරන්නට
https://www.facebook.com/photo.php?v=330821283598263