ගමේ කෑම වේලක රසය
යාළුවනේ , ඔයාලා මේ කැම ජාති කාලා තියෙනවද බලන්න ,තිබ්බටු මැල්ලුම , පොළොස් ඇඹුල , කොස් ඇටමාළුව , කළුපොල් මාළුව , කොස් තම්බලා, නිවිතිත් එක්ක දෙල් එතකොට..... කොස් තම්බපුවත් එක්ක පොල් සම්බෝල කොච්චි සම්බෝලෙ , කැරන් කොකු , මැඩ කොකු තියෙන රසය .අපි බලමු මේ හැම එකකම රසය . මම ඒවායේ රස පුළුවන් ඉස්තරම් විදිහට කියනන් නම්, මොකද අපේ ගෙදර නම් හුඟක් වෙලාවට මේව හදනවා , අපේ අම්මයි , තාත්තයි හරිම ආසයි මේ කෑම වර්ග කන්න.
කොළ පාටට තියෙන තිබ්බටු මැල්ලුමයි, බතුයි කරවලයි ,එකට දාගෙන කනකොට තියෙන රසය!! චූටි තිත්ත රසයත් එක්ක පුදුම රසක් !ඒ රස කියන්න බැරි තරම් . ඒ විතරක්ද පොළොස් ඇඹුලත් එක්ක බත් ම්.. ම්... හරිම රස..............යි ඒ රස කියන්න බැරි තරම් ඊටත් වඩා රසයි . ඒ වගේම තම යි කොස් ඇට , කොස් ඇට මාළුවත් එක්ක බත් හරිම රස..............යි . කොස් ඇට කළු පොල් මාළුවයි ,පොළුයි , බතුයි , පුදුම රසයක් . චුට්ටක් බඩ දන්න ගන්නවා , ඒත් රසනම් ඉස්තරම් ,
ඒ විතරක්ද කොස් තම්බපුවත් එක්ක පොල් සම්බොල් ඒ රසයනම් කටින් තියා අතින්වත් කියන්න බෑ . උදේට සුදු හාලේ බතට මේ දෙක එකතු වුනාම පිඟන් දෙක තුනක් වුනත් කන්න පුළුවන් ,
තව......දෙල් එක්ක නිවිති දාලා බතුයි පරිප්පුයි කන කොටත් හරිම රසයි ඒකට කොච්චි සම්බෝලයත් එකතු වුනාම හරිම රසයි . කැරන් කොකු , මැඩ කොකු ජාති දෙකම හින්දල හැදුවම නියමයි , චුට්ටක් බණ්ඩක්ක වල වගේ ඇලෙන ගතියක් තියෙනවා , මෙන්න මේවා තමයි හරිම රස ගමේ කෑම . මමනම් හරිම ආසයි මේවා කන්න . ඔයාලත් මේවා කාලාම රසය හොයා ගන්න
ලිව්වේ - දිනිති