2011/06/20

යාළු පූසෝ - පුංචි මගේ කවි


යාළු පූසෝ
හොදයි‍   හොදයි  හොදයි
අපි  දෙන්නා  යාළුයි
හැමදාමත් අපි දෙන්නා 
රහස්  ගොඩක් කියයි

කවිය ලිව්වේ - මිතිලි , උදව් කළා අක්කා.....්

5 comments:

  1. ඔන්න අද ගිම්හානි නැන්දා තමා ඔයාලට පොඩි කතාවක් කියන්නෙ. ඔයාල හැමදාම මට කතා කියනවනෙ නේද??

    ඔයාලගෙ කුරුලු බබාල දැක්කම මට හිතුනා ඒ කතාව කියන්න. අපේ ගෙදර මිදුලේ දවසක් ලස්සන කුරුලු ජෝඩුවක්
    කැරකි කැරකි හිටියා. මම හිතන්නෙ එයාලගේ කුරුලු නෝනට
    කුරුලු බබාල ලැබෙන්න හිටියා... ඉතින් ඒකට ගෙයක් හදන්න තමා මේ ලෑස්තීය.ඔන්න ඉතින් අපිටත් හොරෙන් මේ දෙන්න අපේ ගේ ඇතුලට රින්ගලා නැන්දාගෙ සාලේ ලස්සන එල්ලෙන පහනක ..කූඩුවක් හදනව. කුරුලු තාත්ත හරිම කඩිසරයි....
    හ්ම්ම් ඉතින් දැන් එයාලට ලස්සන බබාල දෙන්නෙක් ඉන්නවා.
    එයාල කට අරගෙන ඉන්නව කෑම ගේනකම්.කිචි බිචි ගගා.

    එයාල නිසා මටත් පාලු නෑ හරිම සද්දයි කටවල්....
    ඒත් ඉතින් හතර දෙනාම තව ටිකක දවසකින් මාව දාලා යනව කියල හීතෙනකොට නම් දුකයි....

    ReplyDelete
  2. කවිය වගේම ඔයා ඒකට යොදා ගත්ත පින්තූරයත් ඇත්තටම ලස්සනයි දුව...

    ReplyDelete
  3. කවියත් ලස්සනයි.
    හරි හුරතල් දගකාර පූස් මල්ලිලා දෙන්නෙක් නේද??

    ReplyDelete
  4. ගිම්හානි නැන්දාටත් , දීපාල් මාමාටත් ගොඩාක් ස්තුතියි ...අපිව දිරි ගන්වනවාට ...අපිටත් හරි ආසයි ලියන්න . ගිම්හානි නැන්දිගේ කතාවහ හරිම ආසයි අහන්න

    ReplyDelete
  5. ලස්සන කවියක් වගේම ලස්සන පින්තූරේ.මිතිලි දූටත් ලස්සනට කවි ලියන්න පුලුවන් නේ. ලස්සන කවියක් දුවේ.

    ReplyDelete