2011/06/23

උදෙන්ම නැගිටිමු

දොයි දොයි බබා

යාළුවනේ  , ඔයාලා  උදෑසන අවදි වෙනවා ද?  අපි දෙන්නා නම් උදේ පාන්දරම අවදි වෙනවා ....කෑමට එන කුරුල්ලොත් බලලා , අම්මටයි තාත්තටයි කරදර කරන්නේ නැතිව   තනියම   මූණ කට හෝද  ගෙන බත් කාලා ඇඳුම් ඇඳ ගෙන කොන්ඩෙ පීරගන්නවා ‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍. එතකොට හරීම සතුටුයි , ඇයිද දන්නවද අපි අම්මට තාත්තට කරදර කළෙත් නැහැ , වැඩ ටිකත් ඉක්මණට ඉවර වෙලා අපිට උදෙන්ම ඉස්කෝළෙ යන්නත් පුළුවනනේ . 

මං දන්නවා   යාළුවනේ   සමහර යාළුවො නම්  උදේට නැගිටින්න හරිම කම්මැළියි  , අම්මාටයි    තාත්තාටයි හරියට කරදර කරනවා උදේට . ඇඳුම්  හොයන්න , පොත් බෑග් හදන්න , ඇඳුම් ඇඳ ගන්නට අම්මට තාත්තට කරදර කරන්න එපා ...ඒ වගේ පුංචි පුංචි වැඩ කළාම අපිටත් හරි ආඩම්බරයි නේද ? අනෙක අපි අම්මටත් උදව් කළානේ... 

ඔයාලා  තනියම ඔයාලගෙ වැඩ ටික කරගන්න , උදෙන්ම නැඟිටින්න එතකොට දවසම හරිම සතුටුයි......


ලිව්වේ - දිනිති 

2 comments:

  1. හරි හොද දරුවෝ දෙන්නෙක්නේ. එහෙම තමා විශේෂයෙන් ගෑනු දරුවෝ උනාම උදේම අවදි වෙන්න ඕන. ඒක ගොඩාක් හොද පුරුදක්. එකේ වටිනාකම කිව නොහැකි තරම්.නිවාඩු දවසක උනත් පාන්දර අවදි වෙලා වැඩ කරගත්තාම කාලය ඉතුරුනෙ .. ඉතින් සෙල්ලම් කරන්නත් කාලය ඉතුරු වෙනෙවා. හැමෝම 24 පැය කළමනාකරණය කරගන්න ඕන.
    දවල් වෙනෙකම් නිදාගන්න එකෙ හරිම කැත පුරුද්දක්.

    අනිත් එක තමනගෙ වැඩ තමන්ම කරගන්න ඕන පොඩි කාලේ සිටම. අම්මලාට උයන පිහන වැඩ වලට උනත් උදව් කරන්න ඕන එතකොට අම්මත් වැඩිය කුස්සියට වෙලා ඉන්න ඕන නෑනෙ. ඉක්මනට වැඩ ඉවර වෙලා ඔයාලත් එක්ක කාලය ගත කරන්න පුලුවන් නේද?

    හොඳ පනිවිඩයක්.

    ReplyDelete
  2. හොද දරුවෝ දෙක්කෙන්. උදේම්ම නැගිටලා තනියම මුහුන හෝදලා ඉස්කෝලේ යන්න පුරුදු වෙන්න ඕනේ.ඔයාලා හොදයි. සමහර අය අම්මලාට කරදර කරනවා . මුන හෝදන්න කියකියා.

    ReplyDelete