2011/06/20

හාවුන් බලන්න ගියදා - අපේ පිංතූර කතාව

හරිම ලස්සන ගමක්...
                              ඉරිදා නිවාඩු දවසක් , හික්කඩු සීයලගෙ ගෙදර යන ගමන් අද  අපි ගියා  රජස්කන්ද  විහාරයට , හරිම ලස්සන පැත්තක් .......







රජස්කන්ද පන්සල

අපේ පුංචිම පුංචි හා පැටියයි  පැටව්  දාන්න ඉන්න හා අම්මයි බලන්න. ලොකුම   ලොකු මුකුණුවැන්න මල්ලකුත් අරගෙනයි ගියේ. 
නංගියි මායි අම්මයි...







පන්සල්  යන  කොට ලොකු  සාදු නම් හිටියේ නෑ ,දානෙකට වැඩම කරළා .


  ඒත්  පන්සලේ ඉන්න රෝහණ අංකල්  නම්  හිටියා. ඒ  නිසා  අපි ඒ අය ගෙන් අහලා අපි හාවුන්  බලන්න  ගියා. 


හරිම ෂෝක් ...අපේ සුදු හා පැටිය ලොකු වෙලා.. පැටව්  දාන්න ඉන්න අම්මා   තාමත්   පැටව්  දාලා  නෑ. 

මමයි චූටියි අපේ සුදූයි...
අපේ සුදූ


අපි  හාවුන්ට කොළ කවලා එන කොට ලොකු  සාදු ඇවිල්ලයි හිටියේ . ඊට  පස්සේ අපි ලොකු  සාදුත් එක්ක කතා කරලා පන්සල බැලුවා  . 


ලස්සනට චිත්‍ර ඇඳලා තිබුණා











අපේ අම්ම....

හරිම රසයි
ලොකු සාදු අපිට තැඹිලි දුන්නා ...අපි  ඒ රස තැඹිළි බිව්වා , හැබැයි තාත්ත තමයි ගොඩක්ම බිව්වේ ...

හා පැටවු බලා ගන්න , තැබිළි කඩල දුන්න රෝහන අංකල්...

ඊට  පස්සේ අපි සතුටින් සීයලගේ ගෙදර ගියා 


මෙන්න අපි යනවා ...අම්ම පිටිපස්සේ ඉන්නවා....


ලිව්වේ - දිනිති , උදව් කළේ මිතිලි 

3 comments:

  1. හරි හොඳයි නිවාඩු දවසේ නෑදෑයන් බලන්න ගිය එක.
    ඉතන් කෝ මට තැඹිලි ???

    හාපැටවු ඔයාල එනකම් බලන් හිටියද??

    ReplyDelete
  2. ඔව් ඇත්තමයි ...හා පටියනම් අපි එනකම් බලං හිටිය වගේ ..ඒ වුනා හා අම්මනම් ටිකක් කම්මැලි කමේ හිටියේ ...අපි හැම ඉරිදම සීයලගේ ගෙදර යනවා ..හොඳට සෙල්ලම් කරන්නත් පුළුවන්නේ...

    ReplyDelete
  3. ඔයාලා දෙන්නත් නියම ගමනක් නේ ගිහින් තියෙන්නේ.සීයලෑ දිහා ගිහින් හාවොත් බලලා ඇවිත්. මටත් ආසයි ඔය පන්සල බලන්න යන්න. :)

    ReplyDelete