2011/06/14

හාවාට අභය දානය දුන් හැටි.....

අපේ හා පැටියා....

      ඔන්න යාළුවනේ,  අද අපි බිත්තර ගන්න කඩේට ගිහාම  මම දැක්කා හාවුන් ගොඩක් කූඩුවක දාලා ඉන්නවා .




එතැන චූටි පැටවු , ලොකු හාවුන් ගොඩාක් හිටියා.යාළුවනේ ඔයාලා දන්නවද ඇයි මේ හාවුන් කූඩුවෙ ඉන්නේ කියලා? එක් මස් අලෙවි කරන කඩයක් , එයාලා ඒ හාවුන් මරල විකුණන්නයි හිටියේ . එතන හිටියා  පොඩි සුදු හා පැටියෙක් සමග උ‍ගේ අම්මා ,පැටියා  කූඩුව ඇතුලේ තිබුණු පළා කොළ වගයක් කනවා. අම්මා ඌව ආදරයෙන් ලෙවකමින් සිටියා.





ඒක දැකලා මටයි නංගිටයි හරීයට දුක හිතුනා .අපේ ඇස් වලට කදුලු ආවා . ඉතින් මම ඇහුවා අම්මගෙනුයි  තාත්තාගෙනුයි,  “අනේ මේ හා පැටියාත් , අම්මාත් බේරගනමුද?“  කියලා . අම්මාත් තාත්තාත් දෙදෙනා කතාවීමෙන් පසු හාවුන් බේරාගැනනීමට කැමති විය. ඉන්පසු මුදල්  ලබාදීමෙන් පසු අපි හාවුන් නිදහස්  කරගතිමු . ඒ කඩේ මුදලාලි මාමා හා අම්මයි පැටියයි දෙන්නා කාඩ්බෝඩ් පෙට්ටියකට දාල අපේ අම්ම අතට දුන්නා ..


“දැන් කොහේද හා පැටවු තියාගන්නේ .අපේ ගෙදර තියා ගන්න බැහැනේ අපි හුග  වෙලාවකට ගෙදරත් නැහැ  ,අනික බල්ලොත් ඉන්නවනේ ඒ හරියේ“  තාත්තාගෙන් ප්‍රශ්නයක් ....“අපි විජිත හාමුදුරුවන්ගෙන් අහමු “ අම්ම යෝජනා කළා ....තාත්තගේ ජංගම දුරකතනයෙන් මම විජිත හාමුදුරුවන්ට කතා කළා ...“විජිත සාදු ,....මම දිනිති...සාදු අපි හාපැටවු දෙන්නෙක් බේර ගත්තා ....ඒත් අපිට තියා ගන්න තැනක් නැහැනේ....“ 

සතුන්ට අභය දානය දිම පිළිබද හුගක් අත් දැකීම් තිබෙන “අපේ විජිත සාදු“ කිවුව , රාජස්කන්ද පන්සලේ හාපැටවු නිදහසේ ඇති කරනවා කියලා ....

හාවුන්  නිදහස් කරගත් අප රජස්කන්ද  පන්සල කරා ගියෙමු . හාවුන් ලොකු හාමුදුරුවන්ට මා විසින් බාරදෙන ලදී . ලොකු හාමුදුරුවන් වහන්සේ  උන් දෙදෙනා අනෙක් හාවුන් සිටින තැනට ‍දමන ලදී  , හාපැටවු ගොඩායි ....උන් හරිම සතුටින් ,  උන් දෙදෙනා  අනෙක් හාවුන් සමග බොහොම සතුටින්  නිදහසේ දුව පනින්නට විය . අපි ගෙන ගිය කැරට් හාවුන්ට ‍ කෑමට දෙනු ලැබුවෙමු . උන්  නිදහසේ සිටින ආකාරය බලා නංගී සහ මම   බොහෝ සතුටු වීමු . හාමුදුරුවන්ට වැද  අපි නිවස කරා පැමිණියෙමු . ඉතින් යාළුවනේ ඔයාලටත් පුළුවන් වෙලාවට සතුන්ට උදව් කරන්න. එවිට සිතට දැනෙන සතුට කියා නිම කර නොහැක .

8 comments:

  1. ඔවට තමයි න0ගියෙ පින් කියන්නෙ ....... , අපිටත් සන්තොසයි. ( යහපත් දෙයක් කල විට හිතේ ඇතිවන ප්‍රීරීතිය පින වේ ) අද පොසොන් පෝය නේ.

    මේ WORD VERIFICATION මගුල අයින් කොරමුද ?

    ReplyDelete
  2. ගොඩාක් ස්තුතියි , තාත්තාගෙන් අහගෙන word verification අයින් කළා ....හැමදාමත් මගෙයි නංගිගෙයි කතා කියවන්න එන්න අයියේ....

    ReplyDelete
  3. ඔයාගේ බ්ලොග් එකේ ලියලා තියන පෝස්ට් සයිඩ් බාර් එකේ පේන්න තියනවා නම් හොදයි නේද දුවේ..?
    එතකොට ඕනේ දෙයක් තෝරගෙන කියවන්න පුලුවන් එන කෙනෙකුට..

    ReplyDelete
  4. ගොඩාක් ස්තුතියි.....මටත් නංගිටත් හරිම සතුටුයි , ඔව් නැන්දි මම තාත්තගෙන් ටික ටික අහගෙන තමයි මේ ලියන්නේ ...අද අහගන්න ඕන නැන්ද කියපු දේ ගැනත්

    ReplyDelete
  5. හරිම ලස්සනයි නේ දිනිතිගෙයි මිතිලිගෙයි බ්ලොග් එක. මම මේ ඔයාලාගේ තාත්තාගේ ලින්ක් එකකින් ආවේ. තාත්තා නම් කරන්නේ ලොකුම පිනක් මේ ලියන සටහන් හරහා. ඉස්සරහට අපිට දිනිතිගෙන් හා මිතිලිගෙනුත් ඒකම බලාපොරොත්තු වෙන්න පුළුවන් වෙයි නේද?

    ආදරෙන්
    රංගි ආන්ටි

    ReplyDelete
  6. රංගි ආන්ටි , ගොඩාක් පිං ...අපි දෙන්නට හරිම සතුටුයි ..අපි හැමදාම ඉස්කොළෙ වැඩ ඉවර වෙලා මේක ලියනවා ...පුලුවන් වෙලාවට ඇවිත් කියවන්න...අඩුපාඩුත් කියල දෙන්න...

    ReplyDelete
  7. ඔන්න මම දිනිතිගෙයි මිතිලිගෙයි බ්ලොග් එකේ ඔක්කොම ලිපි කියෙව්වා. හරිම ලස්සනයි. තව තවත් ඉදිරියේදි ලිපි ලියන්න.

    ReplyDelete
  8. දිනිතිගෙයි මිතිලිගෙයි බ්ලොග් එක හරිම ලස්සනයි , ඔය දෙන්නට මම සුබ පතනවා මේක දිගටම ලියන්න ....

    ReplyDelete