2011/09/15

LEIDERKRANZ - අපේ ප්‍රසංගය 17 දා....

මේ දවස් ටිකේ බ්ලොග් එකට එන්න බැරි වුනේ ලොකූ රාජකාරියක් කරපු නිසයි .  ඒ තමයි අපේ  බටහිර   සංගීත ප්‍රසංගයක්   සූදානම් වීම . ඒ ප්‍රසංගනයට   අපි  කණ්ඩායමක් වශයෙන්  වයලින්  වාදනයක්  ඉදිරිපත් කරනවා  . අපේ  කන්ඩායමෙන් පොඩිම කෙනා මමයි .  ඒ නිසා මම හොඳට  පුහුනු වුනා . 
          මේ  බටහිර   සංගීත ප්‍රසංගය  17 වෙනිදා සවස හයේ  සිට , ගාල්ල  කරාපිටිය  වෛද්‍ය පීඨ ශ්‍රවණාගාරයේ දී පැවැත්වේ .   මේ  සංගීත ප්‍රසංගයේ නම තමයි   LIEDERKRANZ  . ඒ  ප්‍රසංග‍යේ   විවිධ  සංගීත අංග   තියෙනවා  . නැන්දලා මාමලාට වෙලාවක්  තියෙනව නම් ඇවිත් බලලා යන්න  .



6 comments:

  1. හරි සතුටුයි. ලඟ හිටියනම් අනිවාර්යෙන් එනවා. ඒත් අපි ඉන්නේ දුරනේ දුවේ. අපිට පින්තූර එවන්න හොඳේ...

    ReplyDelete
  2. මගෙ පුතේ කියන්න දුකයි..මගෙ පුතාලව මට කීප දවසක් මග ඇරිලා...ඒ නැන්දගේ බ්ලොගේ පුතාලා අලුතෙන් ලියපුවා වැටිලා නෑ..පුතාලා කාලෙකින් නැත්තේ මොකද බලන්න ආවමයි නැන්දා වැඩේ තේරුම් ගත්තේ..නැතුව පුතාලා අමතක වෙලා එහෙම නෙමේ..

    ලග හිටියනම් පුතාගේ හපන්කම් බලන්න එනවා පැටියෝ...

    ReplyDelete
  3. ගිම්හානි නැන්දේ ,
    අපේ ප්‍රසංගය ලස්සනට තිබුණා , ඊළඟ ලිපියෙදි ඒ ෆොටෝ දාන්නම් , ස්තුතියි නැන්දේ .

    අසනි නැන්දේ ,
    අපිත් හරි ආසාවෙන් ඉන්නවා නැන්දල අපිව බලන්න එනකම් , එහෙම ආවාම , මේ වගේ සටහනක් දැක්කාම අපිට හරි ආසයි , නැන්දලා , මාමල ඔක්කොම අපි ළඟ ඉන්නවා වගේ දැනෙනවා .
    ගොඩාක් ස්තුතියි නැන්දේ ...

    ReplyDelete
  4. ළග හිටිය නම් කොහොමහරි එනවා බබාලා දෙන්නගේ හපන්කම් බලන්න..ඔයාලා කොහොමත් දක්ෂයි නේ..කොහොමත් හොදට ප්‍රසංගය තියෙන්න ඇති :)

    ReplyDelete
  5. ඔයාලා හරිම වාසනාවන්ත දරුවෝ දෙන්නෙක්. ඔයාලා ඉගෙන ගන්න එකට අමතරව සංගීතයත් ඉගෙන ගන්නවා. අපට පොඩි කාලේ ඕවා ඉගෙන ගන්න ලැබුනේ නෑ දූ.

    ඔයාලාගේ අප්පච්චි ඒ අතින් හරි හොදයි. ඔයාලව මේ වගේ දේවල් වලටත් යොමුකරලා.

    හොදට කරගෙන යන්න දූ. මධුරංග මාමත් ඔය ලඟපාතක හිටියනම් එන්න තිබ්බා.
    කොහෙද ඉතින් ගම්පහ ඉදන් එන්න එපැයි.

    ReplyDelete
  6. -මධුරංග ,
    ඇත්තමයි මාමේ , හරි ලස්සනට ප්‍රසංගේ තිබුණා ,මතක් වෙන කොටත් ආසයි ..ඒක හොඳට කළා කියල මට හොඳ ෆ්ලූට් එකක් හම්බ උනා අම්මලගෙන් ... ,

    ReplyDelete