2011/09/04

නිවාඩු කාළය ඉවරයි අද අන්තිම දා....

නිවාඩු කාලේ ඉවරයි අද අන්තිම           දා
සෙල්ලං ගේ අයින් කරල පොත්ටික ගත්දා
නංගි එක්ක නැටුං නැටුව නැතුවම     බාදා
අදින් පස්සේ ආයෙත් යං පාසල්      හැමදා

 ------------------------------------------පිංතූර කතාවක් -------------------------------


මෙන්න අපි නිවාඩු කාළෙ කළ දේවල් ...

අපි මුහුදේ නෑවා....
නංගිට පාවෙන්න පුරුදු කළා..

අපි හැමදාම  වගේ පන්සල් ගියා
බටගන්විල බෝධිය ළඟ
සියලගේ ගෙදර ගිහින් හොඳට සෙල්ලම් කළා..



රාමසාන් දා සෆ්රාන් ලගේ ගෙදරදි



කොටුවේ ඇවිද්දා...
නංගිනං හඳට යන්නත් ගියා
අයිස් ක්‍රීම් කන්නත් ගියා



 පුළුවන් නම් කියන්න මේ  වම් පැත්තේ පිංතූරෙ කී දෙනෙක් ඉන්නවද කියලා

මෙන්න අපේ යාළු නංගිගේ අත් වල ලස්සන හැඩ දාල පුළුවන් නම් එයාගේ නම හොයාගන්නකෝ...

17 comments:

  1. ඔයාල දෙන්නා නිවාඩුව නම් අපුරුවට ගතකරලා වගෙයි.මමත් ඉස්සර ඔහොම තමයි නිවාඩුව ඉවර වෙන්නේ හෙට කියල තමා පොත් හොයන්නේ.

    ReplyDelete
  2. ෂා නියමයිෙන්. ඔයාල ෙගාඩක් ෙද්වල් කරලා. දැන් ඉතින් ෙහාදට පාඩම් කරන්නත් ෙවනවා ෙහාදද. ඔන්න ඉතින් අයියටයි නංගාටයි සුභ අනාගතයක්!!

    ReplyDelete
  3. හදට යන පින්තූරෙ නම් නියමයි.ඔයාල මෙහෙන්දි ගෑවෙ නැද්ද?

    ReplyDelete
  4. ගොඩාක් ස්තුතියි ඔයාලා හමෝටම ,
    හ්ම් අපිත් දැන් ගෙදර වැඩ ටික ඉවර කරන ගමන් .
    දැන් පාඩම් කරන්න පටන්ගත්තා විතරයි .
    නැනේ එදා ඒ ගෙදර ලොකු උත්සවයක් වගේ , වෙන දවසක ගියාම ගාගන්න ඕන

    ReplyDelete
  5. Lovely photos of the kids learning to swim and it's good you're teaching them. You'll miss that when you go to Canada.

    Ann xxx

    ReplyDelete
  6. Hi Ann ,
    Its unbelievable that you are watching our sinhala blog. Thank you so much.Yes this blog maintain by my kids , but in last few weeks they did not write any thing and played lot because of school vacation.

    Yes I will miss such things after 3 or 4 weeks but I have to do it for them .
    thank you again ,and I will write you before departure ,
    -nishantha

    ReplyDelete
  7. to dinithi& mithili
    I think you have had a nice holiday.so do your studies well from tomorrow.
    thilani aunty

    ReplyDelete
  8. Dear Thilini aunty ;
    Yes aunty , We are preparing now ,
    Thank you so much

    ReplyDelete
  9. හ්ම්ම් හොදට නිවාඩු කාලේ ගත කරල තියන බව පේනවා.
    දැන් දෙන්නම ටිකක් ලොකු වෙලා නේද අපි මුලින් දකිද්දිට වඩා.ටිකක් පාටත් වැටිලා....

    අපි අමාරුවේ දාන්නත් ඉගනගෙන නම් කියන්න කියලා නේද.. හෙ හෙ....
    නැන්දටත් වැඩ හෙට වැඩනේ...

    ReplyDelete
  10. අපිටත් නිවාඩු හම්බ උනා.. ඒත් ඔයාල කරල තියන එක දෙයක්වත් අපි කරල නෑනෙ :/ හයියෝ....දැං ඉතිං යන්න එපෑ ඉස්කෝලෙ තව මාස 3ක්ම :(

    ReplyDelete
  11. -Gimhani ,
    ඔව් නැන්දේ නිවාඩුව නම් හොඳට ගත කළා , අපේ යාළු නංගිගේ නම අතේ ලියල තියෙනවා දැක්කද නැන්දේ ? පුළුවන් නම් හොයන්න ...

    -සසීන්ද්‍ර වීරසිංහ ,
    ගොඩාක් ස්තුතියි අයියේ , ඔයා මුලින්ම නේද අපේ බ්ලොග් එකට ආවේ ,

    ReplyDelete
  12. පින්තූරුවේ කට්ටිය 4ක් ම ඉන්නවා වගේ....යාලුගේ නම සෆ්රා වත් ද...අම්මෝ මෙයාලත් හොයන්න දෙන ඒවා..පුතේ හොදට වැඩ ටික කරන්න ඕනා..දෙන්නා හෙට උදේම ස්කෝලේ යන ලස්සන, නැන්දට මැවිලා පේනවා..

    ReplyDelete
  13. හ්ම්ම්, එහෙනම් දෙන්න ඇතිවෙන්නම සෙල්ලම් කලා නේද? දැන් එහෙනම් ආයෙත් ඉස්කෝලෙ යන්න තමයි තියෙන්නෙ. දැන් ඉස්කෝලෙ යන්න කම්මැලි වෙන්නෙ එහෙම නෑ නේද? හොඳට වැඩ කරන්න.

    ReplyDelete
  14. දැන් ඉතින් දෙන්නම උදේට ඇහැරව ගන්න අම්මට ලොකු යුද්ධයක් කරන්න වෙයි වගේ. !!!!
    මොකද නිවාඩු කාලෙම දවල් වෙනකම් නිදා ගන්න පුළුවන් නේ. හික්ස් :)

    ReplyDelete
  15. -අසනි ,
    හරියට හරි නැන්දේ , ඒ ෆොටෝ එකේ මමයි නංගියි , සෆ්රාන් එක්ක එයාගෙ නංගි සෆ්රා ත් හිටිය , අපි අද උදේම ඉස්කොළෙ ගියා ඒත් තාත්ත එක්ක යන්න බැරි උනා , ලොකු වැස්සක් වැටුන , ඒ නිසා අජිත් අංකල්ගේ ත්‍රීවීල් එකේ තමයි ගියේ ,ගොඩාක් ස්තුතියි නැන්දේ

    -Kasun
    අපෝ එහෙම කම්මැළි නැහැ , කොහොමත් උදේ පාන්දර පිරිත් දානකොට අපි ඔක්කොම ඇහැරිලා තමයි හිටියේ .ගොඩාක් ස්තුතියි කසුන් මාමේ ,

    -මධුරංග,
    පහුගිය දවස් ටිකේ නං ටිකක් පරක්කු වෙනකං නිදා ගත්තා  ඒවුනාට අදනං වෙලාවට ඉස්සෙල්ලා ඇහැරියා , ගොඩාක් ස්තුතියි මධුරංග මාමේ .

    ReplyDelete
  16. අග්... මම මේක බලන්න එනකොට ස්කෝලෙ ගිහිල්ල ඇවිල්ලත් ඇති නේද... මම දන්නෙ නෑනෙ නංගිල දෙන්න ගාල්ලෙ කියල... :) ඒක දැකල හරි ආඩම්බරයක් ආවා මමත් ගාල්ලෙ නිසා.... බටගන්විල බෝදිය මමත් වැදල තියෙනවා...

    ReplyDelete
  17. -පොඩි මෑන් ,
    අපිත් ගාල්ලේ තමයි “පොඩි මෑන් අයියේ “ , ඇත්තටම ඒ බෝධියට යන්න හරි ආසයි අපිත් , අපි නම් දවස් දෙකකට විතර සැරයක් යනවාමයි .ගොඩාක් ස්තුතියි ,

    ReplyDelete