2012/08/11

හොඳම දවසේ මට වුනු නරකම දේ ...


එදා ඉරිදා දවසක් . අපි උදේම ගියා ඇෆ්‍රිකන් ලයන් සෆාරි . හරිම ලස්සන තැනක් , සිංහයෝ , ජිරාෆ්ල කුරුල්ලෝ , ගොඩාක් සත්තු ළඟටම ගිහින් බැලුවා. ලංකාවෙදි අපි සත්තුන්ගේ කූඩාව ගාවට ගිහින් බැලුවට මෙහෙදි වුනේ ඒකේ අනිත් පැත්ත. සත්තු ඇවිත් අපේ කූඩුවට ( වාහනේට ) එබිල බලනවා ...හරිම සතුටුයි අපිට .

 
කූඩුවෙ ඉන්න අපිට බලන එළියෙ ඉන්න සත්තු



 
දන්නවද එදා අපි දෙන්න ලොකු කරදරේකත්වැටුන අයිස්ක්‍රිම් කන්න ගිහින් . බඩ පැලෙන තරම් ලොකු අයිස් ක්‍රීම් එකක් කන්න වුනා විනාඩියෙන් විතර , මොකද එදා හොඳටම රස්නේ දවසක් , බලන්නකෝ අපි රස කැමක් අමාරුවෙන්ම කාපු දවස ..

ඊට පස්සේ water park එකේ හොඳට නැටුවා , අපිට තව යාළුවොත් හම්බවුනා . එදා දවස නම් හරිම සතුටුයි .

ඔන්න අපි ගෙදර ආවා . ඔක්කොමල නාලා , කාලා නිදා ගන්න ගියා. ඔක්කොමල කිව්වට අම්මයි නංගියි විතරයි , තාත්ත වැඩක් කළ නිසා මාත් පොතක් කියව කියව හිටියා . ඔන්න මට පොඩි අමාරු ගතියක් දැනෙන්න ගත්තා, හුස්ම ගන්න බෑ වගේ . මට ගොඩක් බය හිතුනා ,

“තාත්තේ මට ටිකක් හුස්ම ගන්න අමාරුයි වගේ ...“ ..තාත්ත ඉක්මණට ආවා , අම්මත් ආවා දුවගෙන ...
“කොහොමද දැනෙන්නේ ...දැන් මොනවද කෑවේ ...“ .....
“නිකං තද වෙනව වගේ .... දැන් අර චොකලට් එකතමා කෑවේ ...“ ...
තාත්ත 911 කෝල් කළා , අම්ම ලේස්ති වුනා හොස්පිටල් යන්න ...මං කාපු චොකලට් එකේ කොලෙත් හොයාගෙන ලේස්ති වෙලා හිටියා , වෙන්නේ මොකක්ද කියල දන්නේ නැහැ තාමත් ..

චුට්ටක් වෙලා ගියා ...ආවා fire brigade එකෙන් .. ඒ මාමලා මාව පුටුවක වාඩි කරලා  ඔක්සිජන් දෙන්න පටන් ගත්තා . මගෙන් ඇහුවා මොකද දැන් දැනේනේ කියලා ..ගොඩාක් විස්තර ඇහුවා ..මම ඉතින් මට දැනෙන විදිය කීවා. ටික වෙලාවකින් මෙන්න ඇම්බියුලනස් එක ආවා. එයාලා මාව Stretcher  එකකට දාගෙන ඔක්සිජන් දෙන්න පටන් ගත්තා , තව ඊ.සී.ජී leads ඇඟේ තැන් තැන්වල හයි කරලා ඊ සී ජී ගන්නත් පටන් ගත්තා.දැන් නං මට චුට්ටක් බයත් හිතුනා , මොකද ලංකාවේ ඉන්න දවස් වල තාත්ත ලෙඩ වුනු වෙලාවේ ඊ සී ජී ගන්නව මට මකත් වුනා .


මුලින්ම ආ මේ මාමලා ..
ඊට පස්සේ ඇඟිල්ලට පොඩි මැෂින් එකක් හයි කරලා (අම්ම කීව විදියට pulseoxymeter ) මගේ ඇඟේ ඔක්සිජන් මැන්න . ඊට පස්සේ එයාලා මාව එම්බියුලන්ස් එකට දාගත්තා . අම්මත් ඒකට නැග්ගා. එම්බියුලන්ස් එකේ ආපු Paramedics මාමල හරිම හොඳයි , ගොඩාක් ආදරෙයි . මට ඒකෙදි තෑග්ගකුත් හම්බ වුනා . ලස්සන ටෙඩී කෙනෙක් . මං එයාවත් තුරුළු කරගෙන හොස්පිටල් ගියා .

හෝපිටල් එකේදි තමයි කීවේ මට Asthma attack එකක් කියලා. මට ගොඩක් පුංචි කාළෙ තිබුණ මතකයි ,ඒත් දැන් අවුරුදු පහකින් විතර ඇදුම හැදුනේ නැහැ . ඩොක්ටර් අංකල් කීව සමහර විට කරුල්ලන්ගේ ඇඟේ තියෙන ලෝම මගේ පෙනහළු වලට යන්න ඇති කියලා , මොකද අර ලයන් සෆාරි එකේදි මොනරෙක් අපිත් එක්ක ගොඩක් යාළුවුනා , ඉතින් අපි එයාව ළඟට කරගෙන ගොඩක් වෙලා හිටියා.

ඒ වගේම ඩොක්ටර් අංකල් මට කීවා out door molds  මේ දවස් වල වැඩි නිසා ඒ ගැන පරිස්සම් වෙන්න කියලා , අනෙක dust mites , air pollution , pets " වගේම කැම ජාති ඇලර්ජි උනාමත් හතිය එන්න පුළුවන් කීවා . ඒ වුනාට මට චොකලට් නම් ඇලජික් නැහැ වගේ :) . ඔයාල දන්නවද මීට අමතරව දුම , දූවිලි , වගේම perfumes  නිසාත් සමහර ස්ප්‍රේ වර්ග නිසාත් ඇදුම වැඩ වෙන්න පුළුවන්ලු . අපි ගෙවල් වල පාචිච්චි කරන cleaners වර්ගවලටත් තීන්ත වර්ග නිසාත් ඒ වගේම weather changes නිසාත් ඇදුම වැඩි වෙන්න පුළුවන් කීවා.

කරන්න ඕන හොඳ දේ කීවේ මේ Asthma triggers වලින් ඈත් වෙලා ඉන්න එක.

ඒ පාර මට inhalers දීලා , Flow meter එක පිබින්න දීලා , පැය දෙකක් විතර තියා ගත්තා . අපි උදේ පාන්දර හතර වෙන කොට ගෙදර ආව , දැන් නම් මට සනීපයි .ඒත් තව ටික දවසක් ඉන්හේලර්ස් ගන්න ඕන . ඒ එක්කම මට පොත් ගොඩක් දුන්නා ස්ටිකර්ත් දුන්නා ඔක්කොම ඇදුම හැදෙන හැටි , පරිස්සම් වෙන හැටි , ඉන්හේලර් එක අල්ලන හැටි ......., දැන් අපි ඒ පොත් වල ගේම්ස් කරනවා . දැන් නංගිත් දන්නවා හතිය ගැන ගොඩාක් දේවල්  .


දැන් මට සනීපයි .. මේ ඊයේ swimming වලින් පස්සේ
ඔයාලටත් හතිය තිබේනම් කරන්න තියෙන හොඳම දේ තමයි හරියට බෙහෙත් ගන්න එකයි , asthma triggers වලින් ඈත් වෙලා ඉන්න එකයි .

ගොඩාක් අය හතිය තියේ නම් වතුරට බයයිනේ . මම නම් නැහැ . දන්නවද ඊයේ මම මගේ පිහිනුම් වලින් Level 9 වලට පාස් වුනා . පීනන එක හතිය අඩු කරන්නත් හොඳයි කියල කීවා .

එහෙම නම් මගේ පෝස්ට් එක මෙතනින් අවසන් කරනවා , ගොඩාක් ස්තුතියි කියවූ ඔබ සැමටම . අනේ යන්න ඉස්සර වෙලා මගේ නංගි ලියපු ලස්සන Poem එකත් කියවල යන්න . එයා ගොඩාක් ආසාවෙන් බලාගෙන ඉන්නවා ඒක කවුරුත් කියවන කම් .
http://dinithimithili.blogspot.ca/2012/08/rain-rain-coming.html

මේ තියෙන්නේ අපේ තාත්ත මේ ගැන ලියපු ලිපියක් ...http://www.nursinglk.com/2011/09/59.html



12 comments:

  1. නිදුක් නීරෝගීබාවය නිරතුරුවම පවතීවා :)

    ReplyDelete
    Replies
    1. ගොඩාක් ස්තුතියි ...අපිට හරිම සතුටුයි ...

      Delete
  2. සතුටුයි දුවලගෙ බ්ලොග් එක කියවන්න ලැබුනු එක ගැන. හරියට වෛද්‍ය උපදෙස් පිළිපදිනකොට අසනීප ගතිය අඩුවෙයි. සුබපැතුම් දුවලා දෙන්නටම. ජය...!

    ReplyDelete
    Replies
    1. ඔව් මම දැන් ඒ කිව්ව විදියටම ඉන්නවා ...ගොඩාක් ස්තුතියි ...අපිට හරිම සතුටුයි ...

      Delete
  3. අද තමයි පලවෙනි වතාවට සයිට් එකට ආවේ.මං ගොඩක් සුබපතනවා ඔයාලට දිගටම මේ වැඩේ කරගෙන යෑමට ඕනෑ කරන ශක්තිය,ධෛර්ය ලැබේවා කියලා!

    ReplyDelete
    Replies
    1. ගොඩාක් ස්තුතියි ...අපිට හරිම සතුටුයි ...

      Delete
  4. ඔයාගේ ලෙඩ ඔක්කෝම ඉක්මනට සනීප වෙන්න කියලා ප්‍රර්ථනා කරනවා දිනිති..

    ReplyDelete
  5. තාත්තා වගේමයි දූත් ලියන්නේ. රෝගය වගේම පරෙස්සම් වීමත් හොඳන් විස්තර කරලා.
    දූට හොඳටම හොඳ වෙන්න පතනවා....!!!

    ReplyDelete
    Replies
    1. ගොඩාක් ස්තුතියි ...ප්‍රියන්ත මාමේ ...අපිට හරිම සතුටුයි ...

      Delete
  6. මේ ලිපිය මට මගහැරිලා . ඔන්න ප්‍රියන්ත මාම තමා කිවෙ දුව වෙලෙඩ වෙලා කියලා .
    ලෙඩ වීමට හේතුත් , ප්‍රතිකාරත් දැන් දන්නවනේ . නැවත යතා තත්වයට පත් වෙලානෙ ඉන්නෙ . සතුටුයි ඒ ගැන .

    ReplyDelete
    Replies
    1. ගොඩාක් ස්තුතියි ගිම්හානි නැන්දේ දැන් නං මට සනීපයි .. ...

      Delete