2012/01/06

මගේ පුංචි සුරංගනාවි ....

යාළුවනේ ඔයාල දන්නවද වැඩක් ...මම ප්‍රසන්ටේෂන් එක හොඳට කළ නිසා තාත්ත මට ලස්සන බෝනික්කෙක් අරන් දුන්නා ...එයාගෙ ගවුම හරි ලස්සනයි , රෝස පාටයි ..ඒ විතරක් නෙවි ..එයාට ලස්සන පිහාටු දෙකකුත් තියෙනවා ...තව දෙයක් එයාට  magic stick එකකුත් තියෙනවා ..


මං දවසේම එයාත් එක්ක සෙල්ලම් කළා ...මං එයාට කතන්දරත් කියාල දුන්නා .ඉතිං යාළුවනේ මම එයාව මගේ කොට්ටේ උඩ තියාගෙන කතා කියා කයා ඉන්නකොට ඒ වගේම ලස්සන සුරංගනාවියක් ඇවිත් මට කතා කළා ..“මිතිලි එන්න අපේ ලෝකෙට යන්න ...“ කියල ..“අනේ මට පිහාටු නැහැනේ ..“ මට හරි ආසයි යන්න ..ඒ වුනාට පිහාටු නැහැනේ ..“මං ඔයාට පිහාටු දෙකක් මවල දෙන්නං ...අපි යමු ...“ ඒ සුරංගනාවි එහෙම කියනවත් එක්කම මෙන්න ලස්සන රෝස පාට පිහාටු දෙකක් මට ලැබිලා ...මාත් අත්තටු ගැහුවා ..පාවෙලා වගේ යනවා ..හරි ලස්සනයි ...මට ඉස්සරහින් සුරංගනාවි ..ෂා ..හරි ලස්සනයි ..පොළව තොරණක් වගේ ..පාට පාට ලයිට් ...ඉතින් අපි වලාකුළු අස්සෙන් සුරංගනා ලෝකෙට ගියා ...

මේ බලන්න මගේ පිහාටු ...

එහේ හරිම ලස්සනයි ..පාට පාට මල් ...සෙල්ලම් බඩු ...රස කෑමත් පිරිලා ...මං ඔක්කොම සුරංගනාවියෝ එක්කලා සිංදු කිව්වා ..සෙල්ලම් කළා..ඊට පස්සේ රසම රස ..කෑම කෑවා ...මෙන්න ලොකු සුරංගනාවි මා ගාවට ආව ...“මිතිලි මෙන්න අක්කටයි ඔයාටයි සෙල්ලම් බඩු ..අපි දැන් යමු ඔයාගේ ගෙදරට ..නැත්නම් අම්ම බය වේවිනේ ..“  ..

මමයි මගේ යාළු සුරංගනාවියි ආයෙත් අපේ ගෙදර එන්න ආවා .....වළාකුණ අස්සෙන් එනකොට හරිම සීතලයි ....මෙන්න වළාකුලක් මගේ ඇඟේ පටලැවිලා ..සීතලයි .... ඒ සීතල වළාකුල මගේ ඇඟේ එතිලා ..මට එන්නත් බැහැ ...“ඉන්න මං ඔයාට උදව් කරන්නම් ...“ මගේ යාළු සුරංගනාවි ..ඒ වළාකුල හිමීට අකුලල තව වළාකුලකින් තියල මට එන්න කිව්ව ...ඔන්න මම ආයෙත් පියාඹිනවා ..

“චූටි ..මොකද අනේ ආයෙත් බ්ලැන්කට් එක අයින් කරලා ....සීතල නැද්ද ....! මේ බලන්න අම්මේ ...“ ලොකු සද්දයක් ඇහුණා ...මෙන්න අනේ බලනකොට මට පෙනිලා තියෙන්නේ හීනයක් ..  මට වෙච්ච දේ කිව්වම අක්කයි ..අම්මයි ..තාත්තයි හොඳටම හිනා ...

12 comments:

  1. පුංචි දුවේ මම අද තමයි ඔයාලගේ බ්ලොග් එකට මුලින්ම අවේ, ඔයාලා පොඩි වුනාට ලොකු වැඩක් මේ කරන්නේ. ඔයාලට මම සුබ පතනවා. බුදු සරණයි.

    ReplyDelete
  2. හී හී හරි ෂෝයි හීනයක්. නැන්දට මේක කියවනකොට මතක් උනේ උඩ ගිය බබා. මතකයි නේද ඔයාලට. කොච්චර ෂෝක්ද උඩයනකොට. ඔයාල හීනෙන්නේ උඩ යන්නේ . මම ඇත්තටම ගියා. අක්කවයි නන්ගියවයි දෙන්නවම ආදරෙන් මතක් කරනවා. සුබ නව වසරක් පතනවා. හොඳින් ඉගෙන ගන්න .

    ReplyDelete
  3. තාත්තා වගේම හොද පැංචියෙක්..බුදු සරණයි..ඔයාලා දෙන්නටම .!!!..

    ReplyDelete
  4. බොහෝම ස්තූතියි නැන්දේ මාමේ

    ReplyDelete
  5. ලස්සන රෝස පාට පිහාටු දෙකක් මටත් ඕනි..දෙන්න බැරිද ඔයාගෙ දෙක..

    ReplyDelete
    Replies
    1. ගොඩාක් ස්තුතියි මගේ කතාව කියෙව්වාට , මට හරිම සතුටුයි ..

      Delete
  6. ane ane man hadatama hina vuna meka dekala.naraka nehe surangana loke gihilla vechcha de.

    oya hari lassanata liyala thiyenava nangiyo..digatama liyanna.suba pethum!

    ReplyDelete
    Replies
    1. මට හරිම සතුටුයි ..ඔබටත් ගොඩාක් ස්තුතියි

      Delete
  7. I have come to the blog world again.If you have much time,please visit my blog dear.

    with love,Warsha akki!

    ReplyDelete
  8. හරිම ලස්සනයි මේක අදමි ආවේ.. ඔය දෙන්නටම සුබ පැතුම් පුංචි නැන්දිගෙන්

    ReplyDelete