2012/08/05

හොඳම යහළුවෝ

හොඳම යාළුවෝ ...............
අපි නම් හොඳම යාළුවෝ................
සමඟි දමින් බැඳී ඉන්න ........
හොඳම යාළුවෝ................


ඔන්න අපේ යාළුවෝ ටික ගැන තමයි අද කියන්න හදන්නේ , දන්නවද ? ඒ යාළුවන්ගේ ගම හරීම ලස්සනයි , ගම මැදින් ගලාගෙන යන පුංචි ගඟ , කැළෑවක් මැදින් ගිහින් තමයි අනෙත් ගමට එකතු වෙන්නේ , සීතල ගඟේ පාට පාට මාළු තරු කැට වගේ එහෙට මෙහෙට පිනුවේ ....

මේ කැළෑව ළඟම ගෙවල් හතරක පුංචි යාළුවෝ ටිකක් හිටියා , එයාළ හරිම යාළුයි , එක ඉස්කෝළෙටනේ ගියෙත් ...ඒ යාළුවෝ තමයි ටිකිරි, මිහිරි , සිනිදු සහ මලිත් ,



ඔන්න දවසක් කැළැව ළඟ පිට්ටනියේ සෙල්ලම් කර කර ඉන්න යාළුවන්ගෙන් ටිකිරි කියනවා ..“යාළුවනේ ..අපි හැමදාමත් කෑම කන්නේ ගෙදර ඉඳගෙන නේ ....අද අපි යමුද කෑමත් අරගෙන කැළෑවට ....අර ගඟ ගාවට වෙලා මාළු බල බල කැම කනකොට හරි ආසයි ...මම නම් දවසක් තාත්තත් එක්ක එහෙම ගියා ...

“හරි අපි කැමතියි ...මං දැන්ම යනවා ගෙදර අම්මගෙන් බත් එකක් බැඳ ගෙන එන්න ....“ ඔක්කොම වගේ කීව ...නෑ ...එක්කෙනෙක් බිම බලාගෙන .මලිත් ...“මට බෑ ...මට කැළේ ඉඳන් කෑම කන්න බැහැ , අනෙක ගඟ ගාව ..! එතන හරිම අපිරිසිදුයිනේ ....මට බෑ ..මං යනවා ගෙදර ...ඔයාලට ඕන දෙයක් කරගන්න ...“

“අනේ මලිත් ....අපි ඔක්කොම යනවනේ ...අනෙක අපේ තාත්තත් අද කැළේට එනව දර කඩන්න ...බය වෙන්න එපා ....“ ටිකිරි කීවා ...

“මට බැ , මට බෑ ....මං යනවා යන්න ...“  වෙන කාටවත් කතා කරන්න ඉස්සර වෙලා මලිත් යන්න ගියා ..

“දැන් අපි මොකද කරන්නේ .....“ යාළුවෝ ටික කතා වුනා ....

“අනේ අපි යමු ...මලිත් ඉතින් ගෙදර නේ ගියේ ....අපි දැන් ගෙවල් වල ගිහින් කෑමත් අරන් රෑං ගාල එමු මෙතෙනේටම ...“ ...කවුරුත් එකඟයි .....

ටික වෙලාවයි ගියේ මෙන්න ඔක්කොම කට්ටිය .. නෑ ..තව ලොකු කෙනෙකුත් ..ඒ ටිකිරිගේ තාත්තත් ඇවිත් ...කාගෙත් අතේ බරට කෑම බිම ...කවුරුත් දැන් කැළෑවට යනවා ...සීතල , අඳුරු කැළැව ඇතුලෙන් රැහැයියන්ගේ සද්දේ ...
ඔන්න ඔය අතරේ ගහක් උඩ හිටිය කොටියෙක් මෙයාලව දැක්ක ...ඒත් අපේ යාළුවෝ එයාව දැක්කේ නැහැ . කවුරුත් ගඟ ගාවට ආවා , කෑම ටික දිග ඇරගෙන , කෑම කන්න පටන් ගත්තා , කෙසෙල් කොළවල ඔතපු බත් ටික දිග ඇරියම හරිම සුවඳයි .....කට්ටිය කෑම කන අතරෙ කොටියා මෙයාල දිහා බලාගෙන ඉන්නවා ...ඒත් පහලට එනපාටක් නැහැ ....“මෙයාලව අල්ලගන්න අමාරු වෙයි වගේ ..ගොඩාක් කට්ටිය එකට ඉන්නවනේ ...මට ඉතිං වෙන්නේ මෙයාලව කෑම කනව බලං ඉන්න තමයි ..“ එහෙම හිතපු කොටියා ගහ උඩම නිදා ගත්තා ...

ඔන්න ඔය අතරේ අපේ මලිත්ටත් යාළුවෝ ටික බලන්න හිතිල , එයාත් මෙන්න හොරෙන් හොරෙන් කැළැවට එනවා ...බයෙන් බයෙන් එන මෙයාවත් දැක්ක කොටියා ...“හ්ම් ...තනි වෙච්ච බබෙක් ...අද නම් මට කෑම ලැබෙයි වගේ ..“ කොටිය හිතුවා ...“ගර් ගර් ගර්....“ ...කොටියට සන්තෝසයි ......

මලිත්ට ඒ සද්දේ ඇහුන ...එයාට බයයි ..වටපිට බැළුව කිසි සතෙක් නැහැ ....මෙන්න ගහ උඩ කොටියෙක් .!.....

“අනේ මාව බේර ගන්නෝ ....“ මලිත්ට කෑහැහුනා ..කොටිය ඒ සද්දෙට ටිකක් කළබල වෙලා පැන්න ගහෙන් බිමට ...දැන් පූසා වගේ හිමින් හිමින් එනවා ...
“මාව බේර ගන්නෝ මෙන්න කොටියෙක් එනවෝ ..“  මලිත් පුළුවන් තරම් හයියෙන් කෑගැහුව .
මේ කෑගැහිල්ල හුලඟ දිගේ ගහගෙන යාළුවන්ගෙ කන ඇතුලට ගියා.

අනේ අපේ යාළුව කොටිය අල්ලගනීද දන්නේ නැහැ ...ඔක්කොම සද්දේ ආ පැත්තට දිවුව ...ටිකිරි ලගේ තාත්ත දන්නව මේ සත්තුන්ගෙන් බේරෙන්න ...එයා ලොකු සද්දෙකින් කැගැහුවා ..මේ ඔක්කොම කට්ටිය දැකපු කොටියා , මඟ හැරල යන්න ගියා ...ඔක්කොට ගිහින් මලිත්ව බදා ගත්තා ...

“අනේ ඔයාලා නිසා මම බේරුනේ ...ඔයාල හරිම හොඳ යාළුවෝ ...මං කවදාවත් ඔයාලව දාල යන්නේ නැහැ ..‘‘ මලිත් කීවා ..
“ඒ වගේම පුතේ කිසි දවසක මේ වගේ තනියම කැළෑවට එන්නත් එපා ....එනව නම් ඔක්කොම යාළුවොත් එක් එන්න ... ලොකු වුනාම පුළුවන් තනියම එන්න හොඳේ ..“


ඊට පස්සේ කවුරුත් ආයෙත් අර ගඟ ගාවට ගියා . ඒ දාල ආපු කෑම ටික එහෙමම ....ඔක්කොම එකතුවෙලා කෑම කෑවා ..හරි සතුටුයි හැමෝටම ...


එකමුතු කම හරිහැඩයි
යාළුකමත් හරි ගුණයි
එක මුතුවට වැඩ කරලා
ලොකු ජයක් ලබමුනේ
                                                                         

9 comments:

  1. සුන්දර ළමා ලෝකය

    ReplyDelete
  2. ලස්සන කතා පොඩ්ඩ !

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. බොහොම ස්තුතියි - දිනිති මිතිලි

      Delete
  3. ම්ම්ම්... හරිම ලස්සන ලෝකයක්... :)

    ReplyDelete
    Replies
    1. අපේ කතාව කියෙව්වාට ගොඩාක් ස්තුතියි ...

      Delete
  4. shoi kathawak....... :)

    ReplyDelete