2011/12/11

හොඳ යාළුවෝ ...

එකමත් එක කාළෙක මලකුයි සමනළයෙකුයි යාළුවෙලා හිටියා . ඔන්න ඉතින් ..සමනළ පැංචිට බඩගින්නක් ආවා...ඊට පස්සේ යාළු මල ළඟට ගියා ..

“යාළුවේ මට හොඳටම බඩගිණියි ...මට මල් පැණි ටිකක් හොයාගන්න පුළුවන් කොහෙන්ද ?“ සමනළී ඇහැවුවා...

“ඔන්න ඔය විල පහු කරල ටික දුරක් ගියාම මල් වත්තක්ම තියෙනවා කියල මගේ කුරුළු යාළුව මට දවසක් කීවා..හැබැයි පරිස්සමින් යන්න ...නපුරු මකුළුවෙක් ඉන්නවාලු ..“ මල් කුමාරි ...අපේ සමනළීට කිව්වා..

ඔන්න දැන් සමනළි හරි හදිස්සියෙන් මල් වත්තට පියඹනවා ......අනේ ... මෙන්න අපේ සමනළී , අර නපුරු මකුළුවගේ දැළට අහුවුනා...

“අනේ...අනේ මාව බේරගන්නකෝ ...“ සමනළී කෑගැහුවා ... මෙන්න අර නපුරු මකුළුවා ටික ටික අපේ සමනළී ගාවට ලංවෙනවා ...අනේ අපේ සමනලී...

සමනළීගේ හඬ ඇහුනා අපේ යාළු මල් කුමාරිට ...එයාට ගොඩාක් දුක හිතුනා ..ඒත් එයාට සමනළි බේර ගන්න එන්න බැහැනේ ...ඉතින් එයා කල්පනා කළා..ඔන්න මතක් උනා ..මගේ කුරුළු යාළුවට කියන්න ඕන ..

“කුරුළු යාළුවේ ...අනේ මගේ සමනළීව බේරා දෙන්න ..එයා අන්න අර  නපුරු මකුළුවගේ දැළේ පැටලිලා...අනේ උදව් කරන්නකෝ ...“ සමනළී ...කුරුළු පැංචගෙන් ඉල්ලුවා ..

කුරුළු පැටියා වේගෙන් පියාඹල ගිහින් අපේ සමනළී අර නපුරු මකුළුවගෙන් බේර ගෙන මල් කුමාරි ගාවට ගෙනත් දුන්නා.

“අනේ ගොඩාක් පිං යළුවේ මාව බේරගත්තාට ...“ සමනළි කිව්වා ..
“ඔව් අපි යාළුවෝනේ ... හොඳ යාළුවෝ තමන්ගේ යාළුව කරදරේක වැටුනම උදව් කරනවානේ ...

12 comments:

  1. ශා....ශෝයි කතාව...මට පුන්චි කාලේ අහපු කතා ගොඩක් මතක් වුනා....

    පුතාලත් අහලා ඇතිනේ අර වලහගේ කතාව...අර එක යාලුවෙක් අනිත් යාලුවව දාලා දුවන්නේ වලහා එද්දි...

    මගේ පුතාගේ කතාවත් ඒ වගේම වටිනවා...හොද යළුවෙක් ඉන්නවා කියන්නේ ගොඩක් වටින නිධානයක් ලග තියෙනවා වගේ...ඒ වගේම අපිත් ඒ අයට හොද යාළුවෙක්ම වෙන්න ඕනා...

    ReplyDelete
  2. -අසනි ,
    අසනි නැන්දේ , ගොඩාක් ස්තුතියි මගේ කතාව කියෙව්වාට , මට හරීම සතුටුයි ....නැන්දිට ගොඩාක් පිං ...

    ReplyDelete
  3. හොද යාළුවෝ කියන්නේ අන්න ඒ වගේ අයට.. සැපතෙදි වගේම දුකේදිත් ලගින් ඉන්න අයට..

    මම මේ ඔයාලගේ බ්ලොග් එකට අදයි මුලින්ම ගොඩ උනේ.. අද ඉදන් දිගටම මේ පැත්තට එනවා..

    ReplyDelete
  4. -Dinesh,
    ගොඩාක් ස්තුතියි අපේ කතාව කියවූවාට ...ඔව් අපි හැම සතියකම ලියනවා , එන්න ඇවිත් අපේ කවි කතා බලන්න ...අපි හරි ආසයි ඒකට ..

    ReplyDelete
  5. ඒ වගේ හොඳ යාළුවො පුළුවන් තරම් ලං කරගන්න නංගියෝ. නරක යාළුවො අතේ දුරින් තියාගන්න. එතකොට කවදාවත් වරදින්නේ නෑ.

    ReplyDelete
  6. -Kasun ,
    ඔව් කසුන් අයියේ , මටත් ඉන්නව ඒ වගේ හොඳම යළුවෝ ටිකක් ...
    ස්තුතියි කසුන් අයියේ .

    ReplyDelete
  7. Dear girls,
    Akki is very happy 2 hear from you,Mithili... specially a nice story..
    don't 4get school works!
    wishing you all the success dear...

    Warsha akki...

    ReplyDelete
  8. ලස්සන කතාවක් දූ. නියමයි කතා පොඩ්ඩ !!!

    ReplyDelete
  9. puthe,mamath adai awe oyalage blog ekata,lassana kathawa,oyala dannawada?mama punchi kale ape thaththage bada udin wadi weda me kathawama ahuwa....
    hondata igena gena ayith ape ratatama enna puthe,oyala 2ma,
    pramo aunty

    ReplyDelete
  10. -Anonymous,
    ඇත්තද නැන්දේ ...මේක නම් මම හිතල ලිව්වේ ...අක්ක තමයි උදව් කළේ ...ගොඩාක් ස්තුතියි අපේ කතාව කියෙව්වාට....

    ReplyDelete