2011/08/09

කැවුම් කමුද ...?


පිටි දාලා  පැණි දාලා
තෙලේ බදින කැවුම්
පුංචි අපිත්  කන්න කැමති
කොන්ඩෙ  තියෙන කැවුම්

අවුරුද්දට ‍නැතුවම බැරි 
පැණි බේරෙන කැවුම්
රසයි  රසයි  හරිම රසයි
කොණ්ඩෙ  තියෙන  කැවුම් 


-දිනිතිගෙන්

14 comments:

  1. පුතේ මේ කවි හරිම ලස්සනයි...

    තව තව ලියන්න හොඳේ...

    ReplyDelete
  2. අපි ආස නැත කැවුම් වල තෙල් ඇත

    ReplyDelete
  3. හදිස්සියෙම කොන්ඩ කැවුම් මතක් වුනේ..අපිට නොදි කොන්ඩ කැවුම් කෑවද...නැන්දා ගොඩක් ආසා කැවිලි වර්ගයක් තමයි ඔය...ම් ම් ආසාවේ බෑ..ඔන්න..

    ReplyDelete
  4. කොණ්ඩ කැවුම් නම් නියමයි !!!! හරි රහයි.

    ReplyDelete
  5. ජීවිතේ මල්,indi,අසනි ,මධුරංග .

    අපිව දිරි ගන්නවන මේ නැන්දල මාමල හැමෝටම ගොඩාක් පිං , ස්තුතියි

    ReplyDelete
  6. කොන්ඩ කැවුං හරි රසයි උයපු ගමන් උනු වෙන්ම කන්කොට තවත් රසයි සුවදයි , හැබැයි පරිස්සමින් දිව පුච්චගන්නෙ නැතිව පුතාලා කන්න ඕනේ. හ්ම්ම්ම් තව කාලා තියනවද නාරං කැවුම් ම්ම්ම් හරි රසයි ....

    ReplyDelete
  7. සමීර මාමේ .
    හ්ම් , මාත් අම්ම හද කොටම එක එක කතවා ,හරිම රසයි , අත්තම්ම ගෙනත් දීපු නාරං කැවුම් එක දවසක් කාළ තියෙනවා ...ගොඩාක් ස්තුතියි මාමේ ...

    ReplyDelete
  8. ඔයාලගේ බ්ලොගය හරිම හොදයි.දෙන්නටම සුභ අනාගතයක්.ඉස්කෝලේ වැඩත් හොදට කරන්න.

    ReplyDelete
  9. මටත් ලගදී දවසක කැවුම් කන්න ආස හිතිලා හදවගන කැවා. නැත්නම් ඉතින් සිංහල අවුරුදු එනකම් ඉන්න එපාය...

    ReplyDelete
  10. මම හරිම කැමති පැණි කැවුම් වලට.එත් දැන් හොඳ කිතුල් පැණි හොයාගන්න නැහැ.ලස්සන රචනාවක්,

    ReplyDelete
  11. JHOTHISHALANKA ,
    ගොඩාක් ස්තුතියි අපිට උදව් කළාට ...

    ReplyDelete
  12. Gimhani ,
    හ්ම් ඒකනම් ඇත්ත නැන්දේ , අපේ අම්ම නං සමහර දවසට හදල දෙනවා , අපි උණු උණුවෙම කනවා , ගොඩාක් ස්තුතියි

    ReplyDelete
  13. Anonymous ,
    බොහොම ස්තුතියි ඔබටත්

    ReplyDelete
  14. ෂහ් කටට කෙලත් උනනවා ......
    ලස්සන පද පේලි ටික දූ ......

    ReplyDelete