2011/08/12

පොත් කියවමුද?



මෙන්න පිච්චමල
ඔයාලා පොත් කියවනවාද? මම නම් පොත් කියවනවා . පොත් කියවීමෙන්  දැනුම , රසය , ආදර්ශ වගේ දේවල් ගොඩක් අපට ලබා ගන්න පුළුවන්  . අපට කියවන්න  එක එක ජාති ‍යේ   පොත් තියෙනවා . කෙටි කතා පොත් , නවකථා  පොත් , විද්‍යාත්මක පොත් , ඒ විතරක්ද පාසලේ පොත් , මං අද ලියන්නේ මම කියවපු ගොඩාක් ආස හිතුන පොත් ටිකක් ගැන ,


හරිම ලස්සන නවකතා පොතක් මට අරන් දුන්නා , ඒකෙ නම “පිච්චමල“ , මම අන්තිමට කියවලා ඉවර කරපු පොත , හරිම ලස්සනයි ,  ඒ කතාව කියවගෙන යන කොට “රාහුල හාමුදුරුවො “ ළඟ ඉන්නවා වගේ දැනවා , 

 
මඩොල් දූව පොතත් හරිම ලස්සනයි , ටිකක් බයත් හිතෙනවා , ඒ උනාට කියවන්න හරිම ආස හිතෙන පොතක් ඒකත්. අඹයහළුවෝ පොත කියවගෙන යද්දි ඇඩෙන්නත් ආවා , ඒ තරම් ලස්සනයි.

අපේ රටේ ඉතිහායස ගැන  කතා පොත්  ලෙස ගන්න පුළුවන් මම කියවපු විහාර මහා දේවිය කියන පොත .ඒ පොත කියවල අවසන් වුනාම ගැමුණූ කුමාරය ගැනත් ගොඩාක් තොරතුරු දැන ගන්න පුළුවන් . අන්දරේ ගැන කතා පොත් දකින කොටත් හිනා යනවා , ඒ පොත් වල කවරයේ තියෙන රූපෙත් හරිම ලස්සනයි .

මම කියවපු “මිනිසාගේ සම්භවය“ වගේ පොතකින් වඳුරගේ ඉඳල අපි හැදුන හැටි රූපත් එක්කම විස්තර කරන නිසා කියවන්න ආසයි , සමහර තැන් තේරෙන්නේ නැති උනාම තාත්ත උදව් කරනවා ,

මම මේ ලියූවේ මම ගොඩාක් ආස කරන පොත් ටිකක් ගැන , ඉතින් නංගී ,මල්ලී ,ඔයාලත් පොත් කියවන්න , ඒකෙන් අපිට ගොඩාක් දේවල් ලේසියෙන් ඉගෙන ගන්න පුළුවන් ,

මේක කියවන නැන්ද , මාමල දන්න අපිට කියවන්න හොඳ තව ලස්සන පොත් තිබේ නම් මට කියන්න , එතකොට මට පුළුවන් අම්මටයි , තාත්තටයි කියල ඒ පොත් ගෙන්වගෙන බලන්න .

16 comments:

  1. ගලිවර්ගේ චාරිකා, වැඩ බැරි දාසගේ කතා එහෙමත් කියවලා බලන්න...

    අදයි ආවේ මේ පැත්තට... ඔයාලා හරිම ලසස්නට මේක කරගෙන යනවා.. ඉදිරියටම යන්න.... ජය!

    ReplyDelete
  2. මම නම් ලොකු පොත් කියවන්නේ එත් මම ලොකු පොත් කියවන්නත් පටන් ගත්තේ ඔගොල්ලොන් ගේ වාගේ පොඩ් පොත් කියලා දුවලටත් කවදා හරි මම වගේ ලොකු පොත් කියවන්න හැකියාව ලැබෙයි .....

    ReplyDelete
  3. පිච්චමල, අරලිය මල් ආරාමය, මහ මෙර, උපේඛා, පින්කෙත, සුදු නෙලුම, තෙර තරණය කියන්නෙ ජයසේන ජයකොඩි මහත්තයාගේ නවකතා මාලාවක්. රාහුල හාමුදුරුවො අපවත් වෙනතුරුම කතාව තියෙනවා

    ReplyDelete
  4. හසී,
    ගලිවර්ගේ චාරිකා නම් කියෙව්වා ඒත අවෙක් පොත නම් කියවලා නැහැ , ගොඩාක් ස්තුතියි හසී නැන්දේ අපිව දිරිමත් කළාට

    ReplyDelete
  5. වේලාව ලගයි ,
    මමත් ආසාවෙන් ඉන්නේ තව කියවන්න ,
    ගොඩක් ස්තුතියි ඔබටත්

    ReplyDelete
  6. Chanaka Aruna Munasinghe,
    බොහොම ස්තුතියි අනෙක් පොත් ටිකේ නම් කිව්වාට , දැන් ඒ පොත් එක එක ගෙනත් බලන්න ඕන , ස්තුතියි අපිට උදව් කළාට

    ReplyDelete
  7. පිච්චමල කතා මාලාව ගැන මම ලියපු ලිපිය මෙතනින් බලන්න.

    http://charithsriyan.blogspot.com/2011/04/8.html

    පිච්චමල නවකතා මාලාව ලියපු ජයසේන ජයකොඩි මහත්මයගෙ ජීවිත කතාව "රෝස කටු" නමින් පළ වෙලා තියෙනවා. පුළුවන්නම් ඒකත් අරන් කියවන්න. "රෝස කටු" පොත ගැන මම ලියපු ලිපිය මෙතනින් බලන්න.

    http://charithsriyan.blogspot.com/2011/05/blog-post.html

    ReplyDelete
  8. ටි.බ්. ඉලංගරත්න මහතාගේ හපනා පොතත් හරි ලස්සනයි..
    ටිකක් ලොකු පොතක්. ඒත් දැන් නිවාඩු කාලේ නිසා වෙලාව තියනවානේ කියවන්න නේද?

    ReplyDelete
  9. ගිම්හානි නැන්දේ ,
    ගොඩක් ස්තුතියි නැන්දේ , ටී.බී.ඉලංගරත්න මහතාගේ “අඹ යහළුවෝ“ පොත වගේද දන්නෑ , ඒක නම් හරිම ලස්සනයි නේද ?

    Charith Weerakkody,
    ගොඩාක් ස්තුතියි දැන් කියවනවා ඒ ගැන .

    ReplyDelete
  10. මේ කතාව දුවෙ..මෙන්න මෙහෙමයි..
    පෝසත් පවුලක මෙහෙකාර කමට ආපු අවුරුදු 10 පමන පිරිමි ලමයෙක්
    දවසක් විනෝද චාරිකාවක් යන අතරතුර අර ගෙදෙර අයත් එක්ක ..එයාව පැහරගෙනෙ යනවා .. ගෙනියන්නේ බිලි පූජාවක් දෙන්න..
    එතනදී අර හපනා අනිත් අයවත් බේරගෙන පැන එන හැටි.
    හරිම රසව්ත් කතාවක් .. ඔයා හරි ආසවෙයි....

    ReplyDelete
  11. Gimhani නැන්දේ ,
    මමත් හරි ආසයි ඔය වගේ කතා වලට .තාත්තට කිව්වම අරන් දෙන්නම් කිව්වා ,
    ගොඩාක් ස්තුතියි කතාව බලල මං කියන්නම්කෝ..

    ReplyDelete
  12. අඹ යාලුවෝ කියන පොත මම් පොඩි කාලේ කියවලා තියෙනවා. ඒකේ දෙවෙනි කොටස 'ශිෂ්‍යත්වයත්' කියවලා තියෙනවා. ලස්සන පොත් දෙකක්.

    අනිත් පොත නම් මම් කියවලා නෑ. දූලා පොත් කියවන එක නම් හොදයි.

    ReplyDelete
  13. මධුරංග මාමේ,
    මම තාම “ශිෂ්‍යත්වය“ නම් කියවලා නැහැ , ආසයි කියවන්න ,
    ගොඩාක් ස්තුතියි මාමේ

    ReplyDelete
  14. කියවීම මිනිසා දියුණු කරයි කියනවනේ .....
    කල්ලන් දූවේ මුතු කොල්ලයත් ලස්සන කතාවක් ......
    බොහොම හොඳයි ......

    ReplyDelete
  15. පොත් පත් කියවන එක බොහෝම හොද දෙයක්. මගේ අම්මා පුංචි කාලේ ඉදලම මට පොත් කියවන්න පුරුදු කලා. අද මම මගේ පුංචි දෝණිටත් පොත් ගෙනත් දෙනවා. මේ පොත් හොයාගෙන කියවන්න බලන්න. තුන්යහළු වික්‍රමය, පොලියානා (කොටස් 3ක්), ඩෙනිස්ගේ දස්කම්, හරි පුදුම ඉස්කෝලේ තව ගොඩාක් පොත් තියෙනවා. පස්සේ ඒවා ගැනත් කියන්නම්කෝ.

    ReplyDelete
  16. මෙන්න පොඩි කාලේ මම කියෙව්ව ආසා පොත් ලිස්ට් එක

    1 කල්ලන්දූවේ මුතු කොල්ලය -කුලසේන ෆොන්සේකා
    2 සෝමපුර වීරයෝ-කුලසේන ෆොන්සේකා
    4. රයිගම් පුත්තු / අස්වැන්න -ජයසේන ජයකොඩි
    5. මැටි ගෙදර ලමයි
    6 සිටුවර මොන්තක්‍රිස්තෝ - පරිවර්තනයක්
    7.ගම්පෙරලිය, කලියුගය , යුගාන්තය -මාර්ටින් වික්‍රමසිංහ
    8.අපේ ගම -මාර්ටින් වික්‍රමසිංහ
    9.ගමනක මුල , ගම්දොරින් එලියට ,ඉණි මගේ ඉහලට -ගුනදාස අමරසේකර
    10.දඟ මල්ල -පරිවර්තන පොත් පෙල ගංගා නිරොෂනී සුදුවැලිකන්ද
    11.රංසිරිගේ සංග්‍රාමය -කුලසේන ෆොන්සේකා
    12. ජේන් අයර් -පරිවර්තන පරිවර්තකයා මතක නෑ
    13. මනුතාපය - ඊරියගොල්ල
    14.බිම් ගෙයි සිරකරුවා - පරිවර්තන කේ ජී කරුනාතිලක වගෙයි මතක
    15. සාර භූමි -අනුලද සිල්වා -පරිවර්තන

    ReplyDelete